(කාංචන කුමාර ආරියදාස)
ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් නකල්ස් භූමියේ පිහිටා ඇති සේරඇල්ලේ ඡායාරූප ගැනීමට ගිය පෙම්වතුන් යුවලකගෙන්, තරුණයා ඇල්ලට ඇදවැටී අතුරුදන්ව ඇතැයිද, තරුණිය තවත් පිරිසක් විසින් බේරා ගෙන ඇතැයිද ලග්ගල පොලිසිය කියයි.
මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකු බව ලග්ගල පොලිසිය කියයි.
එළැඹෙන මාසේ විවාහවීමට නියමිත මෙම යුවල සිය දෙමව්පියන් ද සමග කුරුණෑගල සිට ලග්ගල රිවස්ටන් කල්ස් ආදී ප්‍රදේශ ඡායාරූප ගත කිරීම් සඳහා පැමිණ තිබෙන බවත්, පසුව සේර ඇල්ල නැමැති ස්ථානයේ ඡායාරූප ගනිද්දී එක්වරම පය ලිස්සා තරුණයා සහ තරුණිය ඊට ඇද වැටී ඇති බවත් පොලිසිය කියයි.
පසුව එම ස්ථානයේ පැමිණි කිමිදීමට හැකි අයකු විසින් තරුණිය සේර ඇල්ලෙන් ගොඩගෙන තිබේ. එහෙත් තරුණයා ඉතා ගැඹුරු අනාරක්ෂිත සේර ඇල්ලේ සොයා ගැනීමට නොහැකි වී යැයි පොලිසිය කියයි. අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා නාවික හමුදා වේ කිමිදුම් අංශයට දැනුම් දුන් බව ලග්ගල පොලිසිය කියයි.
නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පැමිණීමෙන් පසු එම අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කරන බවද පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස් දෙකෙන් විඳින්නේ නැතිව යන යන තැන පිස්සුවෙන් වගේ ඡායාරූප ගැහීම අද අපේ කට්ටියට පුරුද්දක් වෙලා.., මේවා එෆ්.බී., ඉන්ස්ටග්රෑම් දැම්මට පස්සේ මේ ගොල්ලෝ අාපහු බලන්නේවත් නැහැ..
මෙවැනි අනුවණ ක්රියාවන් නතර කළ යුතුයි.
දියඇලි, මිනිස්සු නාන ගංගාවන්, ඔය වල් වගේ තැන්වල අඩුම ගානේ ජීවිතාරක්ෂක උපකරණ, වගේ දෙයක්වත් තියන්න බැරිද? මේවා තමයි ප්රාදේශීය සභා, පළාත් සභා වගේ තැන්වලින් කෙරෙන්න ඕනේ... මිනිහෙක් වතුරට වැටුණම විසිකරන්න ජීවිතාරක්ෂක වලල්ලක් තියෙන්න ඕනෙ නේද?