(ජේ.ඉඳුරුවගේ)
මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට තම ඡන්දයත් තවත් අපේක්ෂකයන් දෙදෙනකුට පිලිවෙලින් දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇතැයිද අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට නම් එම අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් ඇති කොටසේ " 1" ඉලක්කම ලකුණු කළ යුතුය.ඉන්පසුව 2 හා 3 ඉලක්කම් සලකුණු කර තමන් කැමති අපේක්ෂකයන්ට දෙවන හා තෙවන මනාප දැක්විය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව කියයි.
දෙවන හා තෙවන මනාප ලකුණු නොකළත් එක් අපේක්ෂකයෙකුට ඡන්දය ලකුණු කළ හැකිවේ.
ඡන්දදායකයන් සිය චේතනාව ඡන්ද පත්‍රිකාව මත කරනු ලැබූ යම් සලකුණක් පැහැදිලිව පෙනෙන විට (උදාහරණයක් ලෙස කතිරය ලකුණ පමණක් ලකුණු කර ඇතිවිට)එය වලංගු ඡන්දයක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි .
කෙසේ වුවද කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු නොකිරීම,එක් අපේක්ෂයෙකුට වඩා ඡන්දය ලකුණු කිරීම,එක් අපේක්ෂකයෙකුට "1" හා තවත් අපේක්ෂකයෙකුට කතිරය ලකුණ යොදා ඇතිවිට ,ඡන්දය නොමැතිව දෙවන හා තෙවන මනාප පමණක් ලකුණු කර ඇති විට,"1" හැර වෙනත් සලකුණක් සමග 2 හා 3 මනාප ලකුණු කර ඇතිවිට ,ඡන්දදායකයා හඳුනාගත හැකිවන පරිදි යම් දෙයක් ලියා හෝ සලකුණු කරනු ලැබූ විට සහ 1,2,3 ට වඩා ඡන්දය හා මනාප ලකුණු කර ඇති විට එම ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වූ ඡන්ද පත්‍රිකා ලෙස සැලකෙන බවද මැතිවරණ කොමිෂන් සභාව අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ක්‍රමය එන්න ඉස්සර වෙලා කතිරය ගසා ඡන්දය පාවිච්චි කලා මිනිස්සු තාමත් කතිරය ගසා ඡන්දය පාවිච්චි කරන්න හිතනවා. ඉතින් ඡන්දය වෙනුවෙන් කතිරය ගසා පළමු මනාපය වෙනුවෙන් කතිර දෙකක්ද දෙවැනි මනාපය සදහා කතිර තුනක්ද ගැසුවෙත් මොකද වෙන්නේ?. අනෙක මම දුටු සත්‍යයම දෙයක් කියන්නේ. එක්තරා ඡන්ද දායකයෙක් සලකුණ ඉදිරියේ කතිරය ගසා කතිරය හොදින්ම පාටකර තිබුණා... එය අවලංගු කර ප්‍රතික්ෂේප කරන්න ශාලාවේ ගණන් කිරීමේ නිළධාරි තීරණය කළා.. ඉතින් ඔය ප්‍රශ්නය තේරීම්බාර නිලධාරි වෙතට ගියාම පැමිණි නිලධාරි එය නිවැරදියි කියලා තීරණය කර ප්‍රශ්නය නිරාකරණය කළා. එහෙම දේවල් ගැන අවධානයට ගන්න මම හිතන්නේ එම අත්දැකීම් තියෙන අය කොමිසමේ සාමාජිකයින් හැටියට ඉන්නවා කියලා තමයි...
කතිරේ ගහන්න පුරුදු වෙච්චි අය තමා ගම්වල ඉන්නේ....!
සූත්තර පුංචාගේ තව උප්පරවැට්ටියක්... ගම්වලින් මාලිමාවට වැටෙන ඡන්ද ටික අවලංගු කරන්න. කොහොමද පුංචි මොලේ...?
තමා කැමැති එක් අපේක්ෂකයෙකුට පමණක් එක කතිරයක් ගසා ඡන්දය දීම ප්‍රමාණවත්...! මනාප දෙන්න තරම් කවුරුවත් නෑ මේ පාර...!