(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ කොමිෂන් සභාව අවසරදී ඇත.
මේ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන පැරණි හෝ නව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රජයේ විශ්‍රාමිකයන්ට නිකුත් කර ඇති හැඳුනුම්පත, වැඩිහිටි හැදුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පූජක සහ පූජ්‍ය පක්ෂයට නිකුත් කර ඇති හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම් පත නිකුත් කිරීමට පෙර දෙන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව ආබාධිතයන්ට දෙන තාවකාලික හැඳුනුම්පත, කිසිම හැඳුනුම්පතක් හෝ ලේඛනයක් නොමැති අයට මැතිවරණ කොමිෂන් සභාව ලබාදෙන තාවකාලික හැඳුනුම්පත සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෑතකදී
නිකුත් කළ ඡායාරූපය සහිත හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා ඉදිරිපත් කිරීමට වලංගු වන එම ලේඛන දහය වේ.
කාර්යාල විසින් නිකුත් කෙරෙන හැඳුනුම්පත් සහ හැදුනුම්පත් ලබා ගැනීමට ඉදිරිපත් කරන ඉල්ලුම් පත්‍රවල පිටපත් ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න
සිල්වා Tuesday, 06 May 2025 12:26 PM
අනන්‍යතාවය තහවුරු කල පසු ඇඟිලි පාට කිරීම අවශ්‍ය ද? එය නැති කිරීමෙන් වියදම් ද කපා හැරීමද හැකිය.