මෙතෙක් පැවැති සියලුම මැතිවරණ වලදී කුමන හෝ ප්‍රතිඵලයක් ඡන්දය පැවති දා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කර තිබුණ ද 2020 මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරිම පසුදා උදෑසන 8 ට ආරම්භ කෙරේ.
අගෝස්තු 6 වැනිදා උදෑසන 8 ගණනය කිරිම ආරම්භ කර එදින සවස 4 ට පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මෙතෙක් පැවති සියලුම මැතිවරණවල මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කළද මෙවර එලෙස කිසිදු ප්‍රතිඵලයක් නිකුත් නොවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්.. ඡන්ද ගණන් කරන නිලධාරීන් හැමදාම නිදිමරාගෙන ඡන්දෙ ගණන් කරන්නේ හරිම අපහසුවෙන්... රෙස්ට් එකක් අරගෙන කරන එක හොඳයි...
ප්‍රතිඵලවලට වැඩේ දෙන්න ඕනෑ තරම් කල්ලි තියෙනවා.
කට්ටියට ඇති වෙනකන් වෙලාව තියනවා නිදහසේ පෙට්ටි ටික පුරවා ගන්න. ඕන නැති අයගේ ඡන්ද අඩු කරලා ගානට වැඩේ කරයි. ගෝඨගේ බලෙයි, රනිල්ගේ මොලෙයි. අනිත් අය කපෝතියි. බලන්නකෝ නැත්ද කියලා...
හොඳවැඩක්... කල්වේලා තියෙනවා. පෙට්ටි පිටින්ම මාරු කරන්න. රනිල් මහත්තයාට නම් ඕක හොඳට පුරුදුයි. පිපෙන්න බලන් ඉන්න අය එක්ක ඩීල් එකක් දාගන්න තියෙන්නේ.. ඒත් ඉතින් අමුතුවෙන් දාගන්න දෙයක් නෑ.. කළින් ඉඳන්ම ඩීල් කාරයින්නේ..
පෙට්ට් ටික පුරවාගන්න කාලේ ඕනෑතරම්... කොම්පියුටර් ජිල්මාට් පටන් ගන්ඩත් බැරිකමක් නැහැ. තුනෙන් තුනම හදාගනී වගේ...
හේතුව ඔය එකක්වත් නොවේ. අර වීරවංශ උන්නැහේ කිව්ව විදිහට ඡන්ද පත්‍රිකා රත්කරලා ගන්නත් වෙලාව යනවනේ...