IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඡන්දෙට සූදානම් වෙන්න: මැකෝ දන්වයි

(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇත.

මෙසේ දැනුම් දී ඇති ආයතන අතර ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලයද වෙයි.

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව රජයේ මුද්‍රණාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

මේ අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස සියළුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේදී දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසීය.

මෙයට අමතරව නිලධාරීන් සහ වාහන පිළිබඳවද සංගණනයක් පවත්වන ලෙසට සියලු දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන්ට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එසේ උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

 



අදහස් (3)

ඡන්දෙට සූදානම් වෙන්න: මැකෝ දන්වයි

පිටිගල මිලානෝ Saturday, 29 June 2024 11:32 AM

රටවැසියනි, මෙවර මැතිවරණයේ අප බලවත් වෙමු. අපි එකතුවෙලා හොරුන්ව පන්නමු. රටට ජනතාවට වැඩක් කළ හැකි කොටසක් අපේ පාර්ලිමේන්තුවට පත් කරගමු. හොරුන්ව එළවීමේ ඉක්මන්ම සහ ලාබදායීම ක්‍රමය මෙයයි. හරි පැත්තේ හිටගමු... හරි ආණ්ඩුවක් පිහිටවමු...

:       1       28

BamunuaracchiSaturday, 29 June 2024 04:51 PM

රටට වැඩක් කල හැකි,හොරකම් වංචා නැති,ඉතාමත් දක්ෂ සාමාජිකයන් පිරිසක් සිටින එකම පක්ෂය මාලිමාව පමණයි.

:       3       16

Deepal Nirosh Saturday, 29 June 2024 04:37 PM

තොත්ත මැකෝ බබාලා, බල්ලට කියන්න ඕන දේ බලු වලිගෙට කියනවා. කොහොම කොහොම හරි කමක් නැහැ, ජනතාවට නියමිත දිනට මැතිවරණය ලබා දෙනවනම්.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site