
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බවත් ජාතික හැදුනුම්පත ඇතුළු මැතිවරණ කොමිසම නියම කර ඇති හැදුනුම්පතක් ඉදිරිපත් කිරීමෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය.
හැදුනුම්පත රැගෙන අදාල ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඉදිරිපත් කිරීමෙන් ඡන්දය සළකුණු කළ හැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය.
නිල ඡන්ද පත්‍රිකාවේ ප්‍රධාන අරමුණ ඡන්ද විමසීම අවස්ථාවේදී කාලය ඉතිරි කරගැනීම බවත් නිල ඡන්ද පත්‍රිකාවේ ඡන්දහිමි නාමලේඛණයේ අංකය සඳහන්ව තිබීම නිසා ලේඛණයෙන් නම සෙවීමේ පහසුවක් ඇති බවත් රත්නායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍ය නොවන දෙයක් සඳහා රටේ මුදල් කොපමණ නාස්තියක් වෙනවද? එම නාස්තිය වළක්වා විකල්ප ක්‍රමයක් හදන්න බැරිද?
මේ වගේ මිනිස්සු ඉන්න රටක් දියුණු වේද?
ඕක ඔච්චර ලොකුවට අච්චු ගහන්න මොකටද අනික ඔය හැදුනුම්පතක් විතක් අරන් ගියාට වැඩක් නැ... විශේෂයෙන් රට ඉදලා එන අය