(ජේ.ඉඳුරුවගේ)
2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්‍රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.
මේ අනුව එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයක්(1,868,2,98,586.00 ) බව මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම වියදමෙන් සියයට 60 ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑනව දහස් එකසිය පනස් එකයි ශත හැටක මුදලක් (1,120,9,79,151.60) අපේක්ෂකයාට තම ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි අතර සියයට 40 ක් හෙවත් රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් නමසිය තිස් හතරයි ශත හතලිහක මුදලක් අපේක්ෂකයා නාම යෝජනා කළ දේශපාලන පක්ෂයට හෝ ඡන්ද හිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.
මෙකී සියලු වියදම් පිළිබඳව ලේඛන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දින 21 ක් ඇතුළත අපේක්ෂකයා විසින් සහ ඔහු වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය හෝ ඡන්ද හිමියා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුව පවතී.
එසේ නොකිරීම හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම 1981 අංක 15 දරණ ජනාධිපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ පනතේ සඳහන් දන්ඩනයන්ට යටත් වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්
මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල
මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඡන්දේ වියදම් සීමාකර ගැසට්ටුවක්
යෝගා Tuesday, 20 August 2024 08:35 AM
අපේක්ෂකයෝ වෙනුවෙන් ජාවාරම්කාරයෝ මිසක් කවදද අපේක්ෂකයෝ ඡන්ද වෙනුවෙන් සල්ලි වියදම් කලේ?
අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 10:26 AM
මේක සජිතයි රනිලුයි වෙනුවෙන් හැදුව ඇස්තමේන්තුවක්, ඒ හැර වෙන කිසිම අපේක්ෂකයෙක් මේ තරම් හෝ මෙයට ආසන්න මුදලක් හො වියදම් කිරීමට නොහැකි වනු ඇත.
මංජුල Tuesday, 20 August 2024 02:09 PM
සීමාව දැකලා කලන්තේ වගේ...!
Abaran Tuesday, 20 August 2024 02:19 PM
එක් අයෙක් වෙනුවෙන් රුපියල් 109/= වියදම් කරන්න පුළුවන් නම් මට රුපියල් 100/= ඕනෑ රුපියල් 9/= කොමිස් එකක් හැටියට අපේක්ෂකට දෙන්නම්... ඒත් ඉතින් රුපියල් සියයක් කියන්නේ පාන් ගෙඩියක් ගන්නවත් ප්‍රමාණවත් නැහැ... ඔය අතරේ සමහරක් අපේක්ෂකයෝ වෙන අය ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. එහෙම එවුන් නිසා ඔය සීමාවන් වෙනස් වෙනවා. ඒකට මොකද කරන්නේ? එක් ප්‍රධාන අපේක්ෂකයෙක් වෙනුවෙන් හතර දෙනෙක් ඉන්නවා නම් අනෙක් අයට බරපතල අසාධාරණයක් වෙනවා...
බද්රානි Tuesday, 20 August 2024 11:13 PM
අනේ උඹලගේ ඔය හොර ගැසට් ගහ ගනිල්ලා පස්ස පැත්තේ....හරියටම නීතිය ක්‍රියාත්මක වෙන රටක් වගේනේ මෙවුන් අපිව තම්බන්න හදන්නේ...?
chandima Wednesday, 21 August 2024 12:29 AM
රනිල් හොරකම් කරපු සල්ලි ඉවර වේගෙන යනවා වගේ...? එහෙම නැතිනම් ඡන්දය පරදින නිසා ඡන්දයට එකතු වුණු ඡන්ද ටිකත් අරන් මාරු වෙන්න ක්‍රමයක් හොයනවා වගේ...?