
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ
රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවයි.
කෙසේ වෙතත් මැතිවරණ නොවන වෙනත් රාජකාරී කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජය ගුවන් යානා යොදා ගැනීමට බාධාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ දුම්රිය යොදා ගන්නේ නම් ඒ සඳහාද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබා ගත යුතු බව කොමිසම දැනුම්දී ඇත.
මැතිවරණ කටයුතු සඳහා රජයේ දේපළ යොදා ගැනීම පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව වහා ක්‍රියාත්මක වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්න වෙන්නේ සිලින්ඩර් පප්පට තමයි
අන්න හරි මැකෝ. ආයේ දෙන්න එපා. වතාවක් රාහු කාලෙ දාලා කල් දුන්නනේ යන ගමනක් යාගන්න. ඒ හොඳටම ඇති ආයෙ දෙන්න ගියොත් මැකොත් නෝන්ඩි වෙනව.
අනේ දෙවියනේ , මැතිවරණ වැඩ සඳහා රජයේ අනුග්‍රහයෙන් මුදල් නොගෙවා හෙලිකොප්ටර් ලබාගන්න කාලකන්නි දේශපාලුවන් ..
එතකොට නාමල් කුමාරයා කොහොමද ගමන් යන්නේ... ඒ පවුලට ගමනට පුරුදු වාහනය හෙලිකොප්ටරය නේද?
මැතිවරණ කොමිසම වෙනදාට වඩා තවම නම් විශිෂ්ටයි..!
එතකොට ජනාධිපතිවරයා? අගමැතිවරයා?
එයාර් ෆෝස් එකෙන් හැමදාම රිපෝර්ට් එක මැතිවරණ ඔෆිස් එක ගෙන්වාගන්න ඕනෑ. කළින් දවසේ ඒක පාවිච්චි කරපු ගුවන් යානා, කාටද, කොහේද, මොනවටද ගියේ කියලා...