
(රෝෂන් තුෂාර)
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගයේ පහන් කණුවල පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට රුපියල් තුන් දහසක දඩ නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගමගේ මහතා අද(26) නියෝග කළේය.
මැතිවරණ කොමිසමේ නිලධාරියකු කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
අධිකරණයේ පෙනී සිටි නාරාහේන්පිට හා වැල්ලවත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් විසින් වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 1500 බැගින් දඩ නියම කර මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මාධ්‍යයක් නම් දාලා තියෙනවා NPP කියලා. පෝස්ටර් නම් NPP තමයි. අපේ පාරේ මරණ දැන්වීමක්වත් අලවන්න ඉඩ නෑ...!