(යොහාන් භාසුර)
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශයට පත්කකරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (6) පස්වරුවේ පැවසීය.
ඉන් පසුව එම නිල ප්‍රතිඵලය ප්‍රතිඵල ජනමාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කරන බව ද සභාපතිවරයා කීය.
ඡන්ද ගණනන් කිරීම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදුවන බවත් ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අදාල කොට්ඨාසය තුළදීම සිදුවන බවත් ඒ මහතා පැවසීය.
ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන්කර අවසන් වීමෙන් පසුව සියලුම ප්‍රතිඵල කොට්ඨාසයේ එක මධ්‍යස්ථානයකදී එකට එකතු කර කොට්ඨාසයේ අවසන් ප්‍රතිඵලය සකස්කිරීමෙන් පසුව කොට්ඨාස ප්‍රතිඵලය කොට්ඨාසය තුළදීම ප්‍රකාශයට පත්කරන බව කී රත්නායක මහතා ඉන් පසුව ඡන්ද ප්‍රතිඵලය දිස්ත්‍රිකක්යේ පළාත් පාලන ආයතන ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථානයට රැගෙන විත් ඒ ස්ථානයේදී පළාත් පාලන ආයතනවලට අදාල ප්‍රතිඵල සකස් කරන බව ද සඳහන් කළේය.
එහිදී එක් එක් දේශපාලන පක්‍ෂයට සහ ස්වාධීන කණ්ඩායමෙන් තේරීපත් වන සභික සංඛ්‍යාව ඇතුළත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි