(සුජිත් හේවාජුලිගේ )
මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන පාටක් පෙනෙන්නට නැති හෙයින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අත තැබිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (15) ලිපියකින් දැනුම් දුන්නාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේ දැයි කළ විමසුම්වලට මහ භාණ්ඩාගාරයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ඇය සඳහන් කළාය.
මුදල් ලැබුණහොත් ඡන්ද පත්‍රිකා දින හතරත් පහත් අතර කාලයකදීද සෙසු මුද්‍රණ දින 30ක කාලයකදීද මුද්‍රණය කර දිය හැකි බව පැවසූ ලියනගේ මහත්මිය මැතිවරණය සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන වෙනුවෙන්වත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබී නැතැයි ප්‍රකාශ කළාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දැනට ලැබී ඇත්තේ කෝටි හතරක් පමණක් බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ආරක්ෂාව සැපයීම සඳහා ඒවා මුද්‍රණය කරන අවස්ථාවේදී දැනුම් දෙන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රකාශ කර ඇති බවත්
රජයේ මුද්‍රණාලාධිපතිනිය පැවසුවාය.
මුදල් හෙට ලැබුණොත් හෙට සිටම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ පවත්වන්න මුදල් දෙන්නේ නැතිනම් ඒකටත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්න තමයි වෙන්නේ.
මෙයා කියන්නේ ඇත්තක්නම්,මුදල් අමාත්‍යංශයේ ලේකම් කියන උද්දච්ච පට්ට හොරා අධිකරණයට අපහාස කරලා තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ මේකාව අධිකරණය හමුවට පමුණුවා අවුරුදු 10 කටවත් " ජම්පර් " අන්දලා නැතිනම් "අමුඩයක් " ගස්සලා " ගල්පල්ලියට " දැක්කවිමයි. ඔහුගේ තනි නොතනියට " රනිල් "නංගිත් ජංගියක් අන්දලා ළඟදීම ගල්පල්ලි එනවා" කියලත් මිනිහට කියන්න ඕනා.
ඔබ මුදල් ලැබීමෙන් පසු අතීතයේ ඡන්ද කාඩ්පත් මුද්‍රණය කළේද? ජනතාව නොමග යවන්න එපා!
රටට සාපයක් වූ මුද්‍රණාලයාධිපති..... විශ්‍රාම යන එක හොඳා නේද?
මේ සැරයටවත් නයට ගහන්ඩ දෙන්ඩ බැරිද?
වාර්ෂික අයවැය ලේඛනයෙන් මුදුණ දෙපාර්තමේන්තුව සදහා වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන වලින් මුදුණ වැඩ ඉටුකර ගත හැකිය. මෙම මුදුණ වැඩය සඳහා වෙනම මුදල් ඉල්ලීම අවශ්‍ය නොවේ.
වැඩිම උනොත් මේ ආණ්ඩුව තව අවුරුද්දක් තියේවි .රාජකාරිය හරියට ඉටු නොකලොත් පසුව නඩු වැටෙයි .නඩුවෙන් වරදකාරයා වුනොත් පැන්ෂන් එකත් කෙල වෙලා හිරේ යන්න වේවි
බොරුවට අමාරුවේ වැටෙන්න එපා.අධිකරණයේ ඕකේ එකත් තිබෙන නිසා බය නැතිව මුද්‍රණ කටයුතු ආරම්භ කරන්න නැතිනම් අමාරුවේ වැටේවි .නඩු වැටේවි.හිරේ යන එක කෙසේවෙතත් රිමාන්ඩ් එකේ ලගින්න වේවි .පූජිත ජයසුන්දර සහ හේමසිරිට උනා වගේ
මුහුණ දැක්කාමත් පේනවා මොන්ගල් වගේ....