IMG-LOGO

ඡන්ද තුනම එකට තියන්න

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණය ,මහා මැතිවරණය සහ පුංචි ඡන්දය යන තුනම එකට තැබිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

එය තමාගේ පෞද්ගලික යෝජනාවක් බවද අමාත්‍යවරයා කීය.

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන අතර එය පනතත් ලෙස ඉදිරිපත් කරන බව කී නවීන් දිසානායක මහතා එම තීරණයෙන් විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් බවද  පැවසීය.

ප්‍රාදේශීය සභා  මන්ත්‍රීවරුන්ගෙන් සේවයක් වෙනවාද කියා ඇත්තටම  හදවතට තට්ටුකරලා අහන්න පුලුවන්දැයි විමසූ දිසානායක මහතා දැන්  නියම ප්‍රතිසංස්කරණ වලට යාම සඳහා කාලය පැමිණ තිබෙන්නේ යැයි කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (13)

ඡන්ද තුනම එකට තියන්න

Bandara Monday, 27 March 2023 03:16 PM

ඔබතුමාගේ දේශපාලනය ගැන මොන විවේචන තිබුනත්. ඒ කියපු දේ හරියටම හරි.

:       2       21

Hafeel Monday, 27 March 2023 04:13 PM

මෙයාට කියන්න ඔක්කොමට කලින් හිග විදුලි බිල ගෙවල ඉන්න කියල. විදුලි බිල නොගෙවා, එදා මෙයාගේ ගෙදර විදුලිය විසන්ධි කරන්න ආපු විදුලි සේවකයන්ට පහර දුන්න. පොලීසියට කල පැමිණිල්ලටත් කිසිම විමර්ශනයක් නැහැ. දැන් රටේ මුදල් නාස්තිය ගෙනත්, පළාත් පාලන මන්ත්‍රීලාගේ හදවතට තට්ටු කරලා බලන්නත් කියනවා.

:       1       8

de silva Monday, 27 March 2023 03:17 PM

ඔය ඡන්ද තුනම ලබන මාසෙ තියනවනම් කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් ඔක තියන්න යන්නෙ 2024 අගනම් විශාල ප්‍රශ්ණයක් පැන නගිනව.

:       11       17

Till WinMonday, 27 March 2023 03:46 PM

ඔව් අනුරට ජනාධිපති වෙන්න හදිස්සි නිසා එන මාසෙම තිබ්බොත් හොඳ තමයි.

:       14       9

amaradevamMonday, 27 March 2023 08:43 PM

චන්දෙ අද තිබ්බත් 2024 තිබ්බත් අනුර කුමාර ජනාධිපති වෙනබව ස්ථිරයි.ඒ බව ආණ්ඩුවේ ඔත්තුසේවා පවා ප්‍රකාශ කරලා තියෙනවා.අනුර බලයට ආවොත් තමන් මෙතෙක් කල් තට්ටුමාරු ක්‍රමයට කරගෙන ආව හොර මගඩි ඔක්කොම අහුවෙන බවත් , හොරුන්ගේ හොරා කාපු වත්කම් ඔක්කොම ජනසතු කරන බවත්, හොරුන්ව කුඩුවේ දමන බවත් දන්නා යු එන්පි කාරයොත් ,ශ්‍රී ලංකා කාරයොත් ,පොහොට්ටු හොරුත් පමණක් නොවෙයි පුතානොත් හොඳටම බයවෙලා ඉන්න බව බත් කන බූරුවෝ හැර බත් කන මිනිස්සු දන්නවා. බලාගෙන ඉන්න ඔයාට ටකරම්, සිල්රෙදි..යට ඇඳුම්( වහන්න එකක් තියෙනවාද ?) එහෙම හම්බවෙයි ළඟදීම.

:       0       0

podi hadaya Monday, 27 March 2023 04:01 PM

පියාගේ අහලකින්වත් තියන්න බැරි ගෙඹි න්‍යාය අනුව වැඩ කරන දෙන්නෙක්. ඔයාලා මහජනතාව ප්‍රතික්ෂේප කරපු හා කරන අය. කියන කතා ජනතාවට ප්‍රයෝජන නැත.

:       1       12

Hafeel Monday, 27 March 2023 04:07 PM

පළාත් පාලන මන්ත්‍රීලාගේ හදවතට තට්ටුකරලා අහන්නට කලින්, ඔයාගේ හදවතට තට්ටු කරලා බලනවා නම්, හොඳයි.

:       2       11

kapila Monday, 27 March 2023 04:36 PM

මුලින්ම තමුන්ගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් නරකද තමන්ගේ විදුලි බිල ගෙව්වද කියලා?

:       1       8

මහී Monday, 27 March 2023 04:36 PM

කියන කෙනාගෙන් රටට උනු සේවය මොකක්ද ? ඔහේ රට වෙනුවෙන් ඩොලර් කීයක් උපයලා තියනවාද ?

:       1       10

ajithMonday, 27 March 2023 05:30 PM

විදුලි බිලේ කතාව ඇත්ත කියමුකෝ, ඒ උනාට මම පසුගිය අවුරුදු 10ම එක්සත් ජාතික පක්ෂයට කරපු සේවය මදිද?

:       0       0

සචිනි Monday, 27 March 2023 07:21 PM

ඩොලර් ඉපැයීම ගැන දන්නෝ හොදින්ම දනිති ප්‍රශ්නය ඉදිරිපත් කරන මහී එතකොට ඩොලර් කීයක් උපයා තිබේද කියන්න අනුන්ගේ ඇහේ පොල් කෙන්ද අදින්න පෙර තමුන්ගෙ ඇහේ තියෙන පොල් පරාලය අයින්කර ගන්න

:       0       0

arul -Nuvaraeliya Monday, 27 March 2023 06:03 PM

මේහාදයා කාලයකට ඉස්සර නුවර එළියේදී මිටින් එකකදී මිනිහෙකුට පහර දුන්නා.පහර කාගෙන ගිය ඒ මනුස්සයා ඊළඟ මිටින් එකටත් ආවා,නැවතත් ප්‍රශ්න ඇහුවා.මේ නවින් කියන මොලේ අබ්බාගාත හිඟන්නා ඒ පාරත් අරමිනිහාට ගහන්න පන්නා.වැරදුනා. අර මනුස්සයා මුට මදි නොකියන්න නෙළුවා.ඔය ඔක්කොම දේශකාපාලුවෝ කියන්නේ හිඟන්නෝ. හොරු. වටේට සෙක්කෝ බට්ටෝ ඉන්නකම් හොඳයි,හැබැයි චන්දෙ පැරදුනාට පස්සේ මුන් හැන්ගෙනවා, මිනිස්සුන්ට බයේ.

:       0       0

swene Tuesday, 28 March 2023 09:00 AM

4000, 8000 කරෙත් ඔගොල්ලම නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 755 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site