
(චමිලා අල්විස්)
හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම කොමිසම කියයි.
අල්ලස් කොමිසම සඳහන් කරන්නේ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති “හරක් කටා” ඝාතනය කිරීම වැළැක්වීම සහ ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කර ගැනීම සඳහා එම ජාවාරම්කරුගේ පාර්ශ්වයෙන් මුදල් ලබාගත් බවට ඇති චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අනුව ඔහු සමඟ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙදෙනාම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීම සහ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනාම කොළඹ අල්ලස් කොමිසමට රැගෙන ගොස් ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් පවතින බවත් අල්ලස් හා දූෂණ කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd