( අමිල සම්පත් ශ්‍රී)
තෙදිනක් තිස්සේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ දෙබර වැව පිහිටි නිවස වටලා අද (04) දහවල් තිස්සමහාරාම ප්‍රදේශයේ තරුණයෝ උද්ඝෝෂණය කළහ.
ගෝඨාභය ජනපති සහ රාජපක්ෂ පවුලට ගෙදර යන බලකරමින් ඔවුහු එලෙස විරෝධය පෑහ.
මෙහිදී උද්ඝෝෂකයෝ චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ නිවසට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වූහ.
අමාත්‍යවරයාගේ නිවස අසලට දැඩිපොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර ප්‍රදේශය පොලිසිය ස්ථාන හතරකින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මෙන්ම කැරලි මර්දනය නිලධාරීන්ද කැඳවීමට කටයුතු කර තිබුණේය.
තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ යොදා තිබූ මාර්ග බාදකය ඉවත් කරගෙන නිවස කරා ඇතුළුවීමට විරෝධතාකරුවෝ උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු කටයුතු කළහ.
පසුව විරෝධතාකරුවෝ මාර්ග බාධක ආසන්නයේ සිට විරෝධතාවයේ යෙදී සිටි අතර මාර්ග බාධක උඩට නැගී විරෝධතාවේ නියැලුණහ.
දෙබරවැව යකඩ පාලම ආසන්නයේ අමාත්‍යවරයාගේ නිවස ඇතුළු වන මාර්ග 5 ක් සඳහා පොලිස් නිලධාරීන් 30 කට ආසන්න ප්‍රමාණයක් දින තුනක් පුරාවට රාජකාරිය යොදවා තිබූ අතර අද (04) එම ආරක්ෂාව තවත් වැඩි කිරීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චමල්ගේ නිවස ඉදිරිපිටත් උණුසුම් වෙයි
sharm warn Monday, 04 April 2022 02:27 PM
විශේෂ කාර්ය බලකා සොයුරනි, ඔයාලා හොරුන්ව රකින්න අසරණ මිනිස්සුන්ට හිරිහැර කරලා යුද හමුදාවේ නම කැත කරන්න එපා. ඔයාලාගේ නිල ඇඳුමට ගරුකරලා කළ යුතු අවම දේ විතරක් කරන්න. මොකද මේක ඔයාලගේ රස්සාව නේ.. පස්සෙ හරි වැරැද්ද තේරුම් අරන් නිවැරැදි පිළට එකතු වෙන්න.
Jagath Monday, 04 April 2022 02:34 PM
කූඩැල්ලන් වගේ එල්ලිලා ඉන්නවා. රාජපක්ෂලා අපිට ඕනේ නෑ. ආයේ මෙරටට... රාජපක්ෂ නම ගෑවිච්චි කාටවත් නැවත බලයට එන්න ඉඩ තියන්නේ නැත...
ගමේ එකාලා Monday, 04 April 2022 03:06 PM
දූෂිත පවුල් පාලනේ අයට පොලිස් ආරක්ෂාවක් නැතුව පාරටවත් බහින්න බැරි තත්වයක් දැන් තියෙන්නේ... මහජනතාව ගසාකාපු දූෂිතයන්...!!!
Lalith M Monday, 04 April 2022 03:24 PM
රාජපක්ෂ නඩය උගන්ඩාවට යවමු.ඉඩි අමින්ගේ අවතාර. ඊට නොදෙවෙනියි.