
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් පමණ වටිනා සහල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට චීන රජය බලාපොරොත්තු වන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.
චීන - ශ්‍රී ලංකා අතර රබර් සහ සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් හදිසි ආහාර ආධාරයක් ලෙස මෙම සහල් තොගය ලබදෙන බව ද චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් කීය.
වර්තමාන ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව චීන රජයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ද මීට පෙර අයදුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් කාබනිකද?
කාබනිකයි නේද?
ඕක දීලා මොනවද දන්නේ නැහැ උදුරගන්න බලන්නේ?
ලැජ්ජයි, ඉන්දියන් සාගරයේ මුතු ඇටයට වෙච්ච දෙයක්... අවුරුදු දහස් ගාණක ඉඳලා මිනිස්සු ගොවිතැන් කරගෙන බත් කෑවා... දැන් අපි දියුණුවෙලා, පිටරවල් වලින් හාල් හිඟා කනවා. කොහොමද අපේ රටේ දේශපාලකයෝ අපේ රටට කරලා තියෙන දේ? ඇස් ඇරලා බලන්න මිනිසුනේ, තේරුම් ගනිල්ලා මේ අය කරලා තියෙන දේ. අපි ආයෙත් රැවටෙනවා කාට හරි.
"කුඹුරු පාලුවී කෙත්වතු වලපල්ලේ... රට හාලේ බතට හිතයයි එකඑල්ලේ... ණයට අරන් කාලා චීනගේ උගුලේ... නිවට ජාතියක් මතුදින හිරවී පැටලේ ... "
නෑ වෙන්න බෑ.. අපේ සර් අපිට දෙන්නේ කාබනික ඒවා විතරයි. අපිට තියෙන ආදරේට..