
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
චීන සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමට මේ වසරේදී කැපවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) හමුවූ අවස්ථාවේදීය.
චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක) ලී ෂන්සු මහතා නව වසර සඳහා එවා තිබූ සුභ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් කතානායකවරයාට පිළිගන්වනු ලැබීමද මෙහිදී සිදු විය.
චීනය නිරතුරුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබදව කතානායක වරයා මෙහිදී සිය ස්තූතිය පළ කළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිව! නැතිව!!, හිතුවද දන්නේ නැහැ මමයි රජා කියලා.. කපන්න බැරි අත සිඹිනවලු නේද?
2009 ඉඳන් දීපු සහතික වලින් ලංකාවම විනාශ වෙලා තියෙන්නේ...!!!
සහතික නම් කන්නද? පරිගණකයක් ළඟට ගියාම ඇතිවෙනකල් ගහගන්න පුළුවනි. ඔන්න අතමාරුවක්වත් දෙනවා නම්... !!!
සහතික අවශ්‍ය නැහැ. ආණුඩුවට බම්බු ගහගන්න කියලා ලංකාවේ දකින දකින චීනට මිනිස්සු පහර දීලා එළවලා දමන දිනයට වැඩි දවසක් නැහැ. අප්‍රිකාවේ සමහර පැතිවල මෙවැනි ප්‍රහාර චීනයට සිද්ධ වෙනවා. මේ අය හදන්නේ අපේ රටේ වටිනා ස්ථාන ස්ථාන සියල්ල චීනයට සින්න කරගන්න.
වඩාත්ම හොඳයි චීනයටම බාරදෙනවා නම්...