
(ඩී.එම් ආරියපාල සහ ඩබ්ලිව්.ඩබ්ලිව්. ධර්මකීර්ති)
චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජතයන් 10 දෙනකුගේ සහභාගීත්වයෙන් මහවැලි ගොවීන්ට රසායන ද්‍රව්‍ය ඉසින යන්ත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් වෙළෙඳ වාණිජ, ආහාර, සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම එච් කලාපයේ මහවැලි සම්මනත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ගම් පියස වන තඹුත්තේගම ගොවීන් සඳහා මෙම රසායන ද්‍රව්‍ය යන්ත්‍ර බෙදාදීමට චීන කොයුනිස්ට් පක්ෂයේ නියෝජතයන් තීරණය කර තිබූ අතර මෙම අවස්ථාවට මහවැලි ගොවීහු විශාල පිරිසක් එක් වූහ.
එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ උපදේශන අංශයේ යුවාන් රුයිඩොන්ග් මහතා ගොවීන්ට රසායන ද්‍රව්‍ය ඉසින යන්ත්‍ර ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට චීන සමූහ ආණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීහු පිරිසක් ද එක් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන කොලනියක් වෙලා නවතියි වගේ. යාලු කර ගන්න ළදරුවන්ට ටොපි ලොසින්ජර් දෙනවා...
අනුර කුමාරලා ලංකාව, චීනය පූජාකරන්න යන නිසාද?