IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


චීනයෙන් ඩොලර් මිලියන 300 ක ණයක් ගන්න යයි

චීනයේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. 
 
එම මුදල් එක්සත් ජනපද ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවිය හැකි යැයි ද වික්‍රමරත්න මහතා කියයි. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කර තිබේ.  මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එහිදි මෙසේ ද සඳහන් කර ඇත.
 
“අපි බෑන්ක් ඔෆ් චයිනා වෙතින් ඩොලර් මිලියන 300ක මුදලක් ලබාගැනීම කෙරෙහි සලකා බලනවා. එය ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නංවා ගන්න පුළුවන්. එම මුදල්වලින් ඉදිරි මාස කිහිපයේදී ගෙවීමට තිබෙන ණය නැවත ගෙවීම් ගෙවා අවසන් කරන්න පුළුවන්. දැඩි කොන්දේසි සහ ශ්‍රේණිගත කිරීමේ ආයතන ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහත දැමීම නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළවලින් ණය ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වෙලා. ණය මුදලේ ප්‍රමාණය, කාලය, මිල යනාදිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අනුකමිටුවක් ඉදිරියේදී සාකච්ඡා පවත්වනු ඇත. 
 
පසුගිය වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණයවලින් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් චීන ණය විය. චීනය ශ්‍රී ලංකාවට වරාය, මහාමාර්ග, අධිවේගී මාර්ග සහ තවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 8කට ආසන්න මුදලක් ණයට ලබා දී තිබේ. 
 
මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ‘බෑන්ක් ඔෆ් චයිනා’ බැංකුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. 
 
රොයිටර් ඇසුරිනි 
 
 
055



අදහස් (27)

චීනයෙන් ඩොලර් මිලියන 300 ක ණයක් ගන්න යයි

මංජුල බිරැට් Wednesday, 16 January 2019 10:26 AM

එක ණයක් ගෙවන්න, තව ණයක් ගත්තාම හරියනවද? මලවිකාර...

:       17       132

ධනුෂ්කWednesday, 16 January 2019 02:36 PM

මේ රටේ පැවති හා පවතින අාණ්ඩුවලට කතිර ගැසු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබ කැපුවත් කොල, කැපුවත් නිල් කියා තව දුරටත් කතිරය ගසනවා නම් එ් මේ රට වලපල්ලට යවන්නට ගසන කතිරයක්. හිටපු අයත් ඉන්න අයත් රට ණය කරා. ණය අරන් ණය ගෙව්වා. ණය අරන් ලාභ ලබන දේවල් කලේ නෑ. කරපු දේ ඔබේ හෘද සාක්ෂියම දන්නවා. ලාභ ලැබෙන දේ කළා නම් අද ණය ගෙවන්න ණය ගන්නේ නෑ. මහින්දගේ කාලෙත් ණය ගෙවන්න ණය ගත්තා. ඉදිරියටත් මේ කවුරු අාවත් කරන්නේ මේ දේම තමා. ණය ගන්නේ සැප විඳින්නේ ඔවුන් ණයගෙවන්නේ දුක් විඳින්නේ අප. ඔවුන් පරම්පරා ගාණකට හොයාගෙන ඉවරයි. මතක තබා ගන්න පිහිය රත්තරන් විය හැක හැබැයි අැන්නොත් වෙන්නේ එකම දේ.

:       106       273

Hafeel Wednesday, 16 January 2019 04:45 PM

ණය බර අඩු කරන්න ආපු ආණ්ඩුව. මේ ප්‍රධාන පක්ෂ දෙකටම කිසිම සැලැස්මක් නැහැ රටේ ණය බර අඩුකරන්න.

:       27       122

CHANDIMAWednesday, 16 January 2019 05:00 PM

හිටපු උන් ණය අරන් කොටසකින් වැඩකරලා කොටසක් හොරා කෑවා. මේ අය ගන්න ණය මහබැංකුවට දාලා අපිට ගෙවන්න කියලා පස්සේ කුට්ටිය පිටින්ම හොරා කනවා. වෙන උන් පැනයන්න කිට්ටුව පින් දහම් කරනවා. හැට පැනලා වෙවුල වෙවුල තවත් හොරාකනවා.

:       1       185

d.upul Wednesday, 16 January 2019 10:53 AM

ඇති වෙයිද මන්දා, මේ හොරාකන කැවිල්ලට...

:       8       163

upali Wednesday, 16 January 2019 10:56 AM

ණයක් ගන්න එකත් මෙයාලට හරි වීරකමක් වෙලා.. මෙහෙම ගියොත් රටට අබ සරණයි. කැබිනට් එක තව වැඩිකරමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදමු. එතකොට සේරම හරි..

:       11       141

Nuwan Wednesday, 16 January 2019 11:34 AM

ඡන්දයක් ළඟ එන නිසා මොනවා හරි අවිධිමත් සංවර්ධන වැඩ, බොරු රැකියා මවලා කරලා ජනතාව රවට්ටන්න වගේ යන්නේ....

:       15       209

Indunill Wednesday, 16 January 2019 11:41 AM

ඔබේ බාප්පද ගෙවන්නේ ඔව්ව...? පාර්ලිමේන්තුවේ හරක් 225 ට කන්න තණකොළ ගේන්න ඔච්චර යනවද?

:       0       627

ජයන්ත මිලානෝ Wednesday, 16 January 2019 11:50 AM

මෙහෙම ණය ගන්න එක අපට දුකක් වුණාට එතුමන්ලාට සතුටක්... තව මාස කීපයක් පවතින රජය... හැකිතාක් ඉදිරි මැතිවරණයට අවශ්‍ය මුදල් උපයාගන්න අවශ්‍ය නිසා කොමිස්, හොඳ වාහනයක් මෙමගින් ගන්නට මග පාදාගත හැකිවීමයි...

:       0       168

sampath Wednesday, 16 January 2019 12:21 PM

ණය ගන්නෝ වැනසෙන්නෝ කියලයි පැරැන්නෝ නම් කිව්වේ. අර ණය ගෙවන්න ඉදිරිපත් වුන කෙනාගෙන් ණය ගත්තොත් මොකද වෙන්නේ?

:       0       58

chandima Wednesday, 16 January 2019 12:54 PM

ඒ මොකද? සුදු බාප්පලා දෙන්න බැහැ කිව්වද?

:       0       254

saman Wednesday, 16 January 2019 12:56 PM

ගත්තට කමක් නැහැ. එ්ත් මහබැංකුවට නම් දාන්න එපා. ගෙවන ණයක් කෙලින්ම ගෙවලා දාන්න. නැතිනම් ඕකටත් විදලා තමයි මාරුවෙන්නේ.

:       0       136

Kamal Wednesday, 16 January 2019 01:06 PM

ඕන මෝඩයෙකුට තේරෙනවා එක ණයක් ගෙවන්න, තව ණයක් ගත්තාම හරියනවද කියලා? රටේ වියදම් අඩුකරගන්න මොනවද තියෙන අදහස ආණ්ඩුවට... විපක්ෂයටත් එහෙමමයි. මේ වෙලාවේ ඔක්කොම පටි තදකරගන්න ඕන වෙලාව... ඒ වුණාට අලුත් ප්‍රාඩෝ නැතුව පාර්ලිමේන්තු එන්න පුලුවන්ද මේ අයට? රට කන හැතිකරේ..

:       3       125

wasanthaWednesday, 16 January 2019 02:01 PM

මේ කතාව ඇත්ත. රටේ ආර්ථිකය ඉහටත් උඩින් ණය වී තිබුණත්, අපේ මැති ඇමැතිලා පාවෙන වාහන එංගලන්තේ මහ රැජිනටවත් නැතුව ඇති...

:       0       122

Janahitha Wednesday, 16 January 2019 01:08 PM

වෙන මොනවා කරන්නද හැබැයි කියන්න එපා මේවා මහින්ද ගත්ත ණය කියලා...

:       41       252

lanka Wednesday, 16 January 2019 01:15 PM

කව්රු කෙසේ කීවත්, අද පැහැදිලිවම අපට තිබෙන්නේ නය රෝල් කරමින් ඉදිරියට යන ආර්ථිකයක්. මෙයට එක් ප්‍රධාන හේතුවක් නම් අතීතයේ ලබාගත් ණයෙන් ඉදිකරනලද මහා මාර්ග, වරාය, ගුවන් තොටුපළවල් වැනි දෙයින් ලබාගත් ණය ආපසු ගෙවීමට තරම් අාදායමක් නොලැබීමයි. තව හේතුවක් නම් මහජනයා විසින් රටට ආනයන කරන ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේ සඳහා වැඩිපුර සිල්ලර මිලක් ගෙවීමට අකමැත්තක් දැක්වීමයි. එබැවින්, මා සිතන්නේ අද රටේ ඇති ආර්ථික තත්වයට දේශපාලකයින් සහ මහජනයා යන දෙපාර්ශවයම එකසේ වගකිව යුතු බවයි.

:       369       415

නිමල් Wednesday, 16 January 2019 02:41 PM

ගමු ගමු. හොසේට ණය ගමු. අපිට සේවය කරලා ඔයගොල්ලෝ සැප සම්පත් ලබාගෙන ගියාම අපි ඉන්නවා ඕවා ගෙවන්න...

:       0       89

wipula Wednesday, 16 January 2019 02:55 PM

මුළු ලෝකෙම වගේ දන්නවා ශ්‍රී ලංකාව, china debt policy එකට අහුවෙලා දැන්,ණය ගෙවා ගන්න බැරි කමට රටේ කොටස් විකුණනවා කියලා, තවත් ණය අර ගැනීම දැනදැනත් වලේ වැටෙනවා වගේ වැඩක්.. අපිට කියලා කියන්න අවුරුදු 2500 සංස්කෘතියක් තිබුණට වැඩක් නැහැ. අපට කියලා කියාගන්න ලෝකේ තියෙන එකම තැනින් කැබලි කැබලි දවසින් දවස විකුණන්න වුනොත්....

:       144       188

ධම්ම Wednesday, 16 January 2019 04:03 PM

මේ ණය ගෙවන්න රටේ කොයි කෑල්ලද විකුණන්න හිතාගෙන ඉන්නේ ඉරාන් මහත්තයා...?

:       0       93

hasantha Wednesday, 16 January 2019 04:27 PM

මෙහෙම අපිට වෙන කව්රුත් ණය දෙන්නේ නෑ. ඒ හින්දා ඕගොල්ලෝ දෙන්න කියල ඉල්ලුවම තියෙන අඩුම පොලියටද දෙන්නේ නැත්තම් වැඩිම පොලියටද? එදා වේල කන ආර්ථික දැක්මක් තියෙන රටක ඉපදෙන්න අපි හැමෝම පව් කරලා තියෙන්න ඕන.

:       0       59

naya denna Wednesday, 16 January 2019 06:07 PM

දැන් එදා එයා ගත්ත ණය, මෙදා මෙයා ගෙව්වලුනේ ,දැන් මෙයා මෙදා ගන්න ණය ආයෙත් එයා ඊළඟට ගෙවයි

:       0       67

maheshika Wednesday, 16 January 2019 08:49 PM

මුහුණු පොතේ ආතල් දෙන කට්ටිය ඔන්න බලාගන්න ලොකුම ණය වාරිකය ගෙවන්නේ කොහේ තියන සල්ලිවලින්ද කියල.

:       0       21

De Silva Wednesday, 16 January 2019 10:22 PM

චීනෙ ණය උගුලකට රට අහුවෙලා කිය කිය චීනෙන්ම ණය ගන්න ආණ්ඩුව.

:       0       22

ලුම්බිණි Wednesday, 16 January 2019 11:14 PM

මෙම ණය "මුදල්වලින් ඉදිරි මාස කිහිපයේදී ගෙවීමට තිබෙන ණය නැවත ගෙවීම් ගෙවා අවසන් කරන්න පුළුවන්". ණය ගැනීම ගැන කවුරුත් විවේචනය කලත් අරගෙන තිබෙන ණය ගෙවන ක්‍රමයක් ගැන කිසිම කතාවක් නැහැ.

:       1       27

damitha Wednesday, 16 January 2019 11:34 PM

බැරිනම් දාලා යන්න පව් නොදී. අපිට ළමයි ඉන්නවා. උන්ට කවද හරි ඔය ණය ගෙවන්න වෙනවා.

:       0       8

දිලුම් Thursday, 17 January 2019 04:57 AM

රටේ ප්‍රමාණයට වඩා වැඩි ඇමති හැතිකරේ සහ අඹු දරැවො නඩත්තු කර කර සැප දෙන්න මේ ගන්න ණය මදිවෙයි. දැං රනිල්ට තියන එකම ප්‍රශ්නේ දෙවනි වතාවට අගමැති වෙන්න යනකොට ටී.එන්.ඒ එකට උන පොරොන්දුව ඉටු කරන එක.

:       51       35

Rohana Thursday, 17 January 2019 06:21 AM

කලින් ගත ණය හරියට පරිහරණය කලේ නැත්නම් ණය රෝල් කරන්න වෙනවා. ලංකාව ඇත්තටම ණයෙන්ම ජීවත්වෙන පවුලක් වගෙයි.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 746 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 131 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 423 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 869 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 509 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 733 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site