IMG-LOGO

චීනයෙන් ආනයනය කළ නවීන දුම්රියක් පරීක්ෂණ චාරිකාවක


(රංජිත් රාජපක්ෂ) 
                     
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම පහසුකම්වලින් යුත් දුම්රිය අද (20) කොළඹ කොටුවේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා පරීක්ෂණ චාරිකාවකට එක් කෙරිණ.
 
මෙය එන්ජින් දෙකකින් සහ මැදිරි අටකින් සමන්විත බවද, සුළු තාක්ෂණික දෝෂ තිබුණද, මෙම දුම්රිය  උඩරට දුම්රිය ධාවනයට සුදුසු බවද දුම්රිය ධාවනයට එක් වු දුම්රිය නියාමක නිලධාරීහු කියා සිටියහ.
 
මෙම දුම්රියේ වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක්, දෙවන පන්තියේ මැදිරි දෙකක්, තුන්වන පන්තියේ මැදිරි තුනක්, ආපන ශාලාවක් මෙන්ම එම ආපන ශාලාව තුළ ආබාධිත අයට විශේෂ පහසුකම් සලසා ඇති බව විශේෂ දුම්රියේ චාරිකාවට එක් වූ දුම්රියේ ප්‍රධාන නියාමක ආලෝක ජයසිංහ මහතා කියා සිටියේය.
 
උඩරට දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයේ තිරිංගු පද්ධතියකින් සහ කන්ද උඩරට ධාවනය උචිත සේ එන්ජින් ධාරිතාවකින් මෙම දුම්රිය සමන්විත බවද අලෝක ජයසිංහ මහතා පැවසීය.



අදහස් (18)

චීනයෙන් ආනයනය කළ නවීන දුම්රියක් පරීක්ෂණ චාරිකාවක

lalithm Friday, 20 September 2019 11:13 AM

බොහොම අගෙයි. එ්ත් මේවා නඩත්තු කරන්න ඕනේ හොඳින්. අපේ අයියලාට මේවගේ තියෙන තාක්ෂණය පුරුදුද දන්නේ නැහැ. තවම හොයන්නේ 1955 එන්ජින් එලවන්න නේද?

:       1       325

CHANDIMA Friday, 20 September 2019 02:35 PM

මෙව්වා විනාශ කළොත් නම් ඔවුන් අඹන්නයි තියෙන්නේ. එහෙම නොකලොත් මේ අයට මෙව්වා මාසයයි.

:       1       80

අඹන්පොල Friday, 20 September 2019 05:39 PM

ඔබ හරි. රට විනාශ කරපු අයවත් ඔය තැන තැන අඹලා තියෙන එකේ මේවා විනාශ කරන අයවත් අඹන්න තමයි වටින්නේ.

:       5       135

vidya Friday, 20 September 2019 11:43 PM

අනේ මිනිසුනේ මේවා ලස්සනට තියා ගන්නලා. පිරිසිදුවට වැසිකිලිටික තියා ගනිනලා . පිරිසිදුවට තිබුනොත් සංචාරකයන් මේවගේ ගමන් කරාවි. ලස්සනට වාඩිවෙලා යන්න . පොඩි දරුවෙක් එහෙම දැක්කම නුඹලව ආදර්ශයට ගනීවි. නැතිනම් කල්කටාවේ වගේ වෙයි .

:       0       101

PA - RA Saturday, 21 September 2019 04:29 AM

මේවා ගෙනාවට නඩත්තු නැහැ. නැවත තැබීමට හැන්ගර් නැහැ. යන්න බලන්න ඩුබායි, නිතර සෝදා ලස්සනට තියා ගන්නවා වගේම ඒවා නවත්වන ගරාජය (අව්වට, වැස්සට බේරා ගැනීමට) අපේ රටේ මිනිස්සු කෑලි ගලවනවා. ඒවා පෞද්ගලික බස්රථවල දකින්න ලැබෙනවා. ආරක්ෂාව අන්තිම නිල්, සල්ලි කාගේද? ඒ වගේම තර්ජන, වර්ජන අයියෝ ලංකාව...

:       2       180

lalithmSaturday, 21 September 2019 07:34 AM

සහතික ඇත්ත... කෝච්චියක් හේදෙන්න ඉතින් වහින්නම ඕනේ. ඇතුල අතුගාන්නත් ඉන්න එවුන්ට බැහැ. ජරාව. දහස් ගණනින් සේවකයින් ගත්තත් වැඩ කරන්නේ නැහැ. හොඳම දේ පුද්ගලික අංශයට දීලා නඩත්තු කරන එක. එතකොට රටටත් හොඳයි. සේවාවත් හොඳයි. හොරකමුත් නැහැ. මහජන බදු සල්ලිත් ඉතුරුයි.

:       0       208

Clarence Saturday, 21 September 2019 05:14 AM

පේව්මන්ට් එකේ තණකොළ ගලවන්නේ කවද්ද?

:       2       74

Sameera Saturday, 21 September 2019 05:42 AM

නඩත්තුව තමයි මූලිකම දේ.. ඒක හරියට, වෙලාවට වුනේ නැත්නම් වැඩක් නෑ. අනික භාවිතය.. හරියට පාවිච්චි කරන්න උගන්නන්න ඕනෑ.. මොකද මේවගේ යන්නේ අපේ මිනිස්සුම විතරක් නෙමේ.. විදේශිකයන් පවා යනවා. හැමෝම කැමති පිරිසිදුවට, ලස්සනට තියෙන වාහනයක යන්න මිසක් අපිරිසුදු වාහනයක යන්න නෙමේ..

:       0       113

athura Saturday, 21 September 2019 06:15 AM

මේවා ගෙන්නුවෙත් හිටපු ආණ්ඩුවෙන්...

:       166       157

කමල්Monday, 23 September 2019 06:18 AM

මෙන්න ආතර් නින්දෙන් නැගිටලා දොඩවනවා

:       65       0

rim Saturday, 21 September 2019 06:34 AM

සුළු තාක්ෂණික දෝෂයක් කියල කිව්වා නේද? එ්කත් මොකක්ද කියලා බලාගත්තොත් හොඳ නැද්ද? අන්තිමේදී කියයි අපි කලින්ම මේ ගැන කිව්වා කියලා... ඒ වෙනකොට හැමදේම වෙලා ඉවරයි. මොකද අපේ අයියලා එහෙම තමයි...

:       0       88

janahitha Saturday, 21 September 2019 08:17 AM

සුභවාදීව දකිමු. දුප්පත්කම නිසා මිනිසුන්ගේ ජනජීවිත අවුල් වී ඇත. දුටුතැන සොරකම, අල්ලස, දූෂණය පරිපාලනය අඩපණ වී ඇත. රටක ආර්ථිකය දියුණු වන විට මිනිසුන්ද දියුණු වේ. සිතුම් පැතුම් හැසිරීමද වෙනස් වේ කණගාටු නොවෙමු. හිස් ඔසවමු. වැඩ කරමු. රට නගමු.

:       0       122

anura Saturday, 21 September 2019 08:18 AM

තර්ජන, වර්ජන අයියෝ සිරිසේන...!!!

:       0       5

Nihal Sunday, 22 September 2019 05:29 AM

ඉන්දියාවේ ඒවාට වඩා ප්‍රමිතිය හොදයි. මේකෙත් පෙට්ටි වල වීදුරු අරින්න පුළුවන් ඇති. කනවා බොනවා එළිියට විසි කරනවා. රේල් පාර දෙපැත්ත අපායක්. ආත්මාර්ථකාමී කුහකයෝ හදන්න දැඩි නීති පැනවිය යුතුයි. සිංගප්පුරුව හදා ගත්තේ එහෙමයි. මේ කෝච්චියේ තත්වය තව මාස දෙක තුනකින් කාටත් පෙනෙයි විනාස කරලා තියෙන තරම.

:       1       70

Gimhan Sunday, 22 September 2019 06:30 AM

මාස දෙක තුනක් නොව දින දෙක තුනක් හොදින්ම ප්‍රමාණවත්.

:       1       67

amila Sunday, 22 September 2019 07:41 AM

මිනිසුන්ගේ විනය හදන්නේ නැතුව ලෝකේ තියන සුපිරිම දුම්රිය බස් ගෙනාවත් වැඩක් නෑ. බුලත් කෙල ගහනවා, සීට් හූරනවා, කනවා, නම් ලියනවා, කකුල් උඩ තියන් යනවා, චුයිංගම් අලවනවා. දැන්වීම් ගහනවා. මොනවා හරි කාලා අත පිහිදානවා සීට් එකේ... මේවා ඇවිල්ලා අපේ මිනිසුන්ගේ ලේ වල තියෙන්නේ... මුලින්ම මේවා මකවන්න ඕනෑ. හැදෙන්නේ නැත්නම් නීති දාලා දඩගහලා හදන්න ඕනෑ. නීතිය දැඩි කළාම බයටම හරි විනය හැදිලා මේවා ආරක්ෂා කරන්න මිනිස්සු පුරුදු වෙනවා..

:       68       34

sanaMonday, 23 September 2019 08:58 AM

දැන් ඔයා හිතන්නේ ලංකාවේ දැඩි නීති නෑ කියලද? එහෙම නැත්නම් දැඩි නීතියෙන් රට හදන්න පුළුවන් කියලද? එහෙම නම් දැඩි නීති තිබෙනා මැද පෙරදිග රටවල මිනිස්සු හොඳ හැදියාවක් සහිතද? ඒකාධිපතිවාදයක් තිබෙනා උතුරු කොරියාවේ, රජ පාලනයක් තිබෙනා ස්වාසිලන්තයේ මිනිස්සු හොඳින් ඉන්නවාද? මිනිස්සුන්ගේ හොඳ ආකල්ප හදන්නෙ නැතුව මොන නීතිය දැම්මත් වැඩක් නෑ.

:       0       0

vipula Monday, 23 September 2019 04:56 AM

නඩත්තුව හොදට තියෙනවා නම් සාමාන්‍ය මිනිස්සු මේවට මුකුත් කරන්නේ නැහැ . කරන දෙයක් කරන්නේ දුම්රිය අංගන වල සුළු සේවකයා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site