












(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම පහසුකම්වලින් යුත් දුම්රිය අද (20) කොළඹ කොටුවේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා පරීක්ෂණ චාරිකාවකට එක් කෙරිණ.
මෙය එන්ජින් දෙකකින් සහ මැදිරි අටකින් සමන්විත බවද, සුළු තාක්ෂණික දෝෂ තිබුණද, මෙම දුම්රිය උඩරට දුම්රිය ධාවනයට සුදුසු බවද දුම්රිය ධාවනයට එක් වු දුම්රිය නියාමක නිලධාරීහු කියා සිටියහ.
මෙම දුම්රියේ වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක්, දෙවන පන්තියේ මැදිරි දෙකක්, තුන්වන පන්තියේ මැදිරි තුනක්, ආපන ශාලාවක් මෙන්ම එම ආපන ශාලාව තුළ ආබාධිත අයට විශේෂ පහසුකම් සලසා ඇති බව විශේෂ දුම්රියේ චාරිකාවට එක් වූ දුම්රියේ ප්‍රධාන නියාමක ආලෝක ජයසිංහ මහතා කියා සිටියේය.
උඩරට දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයේ තිරිංගු පද්ධතියකින් සහ කන්ද උඩරට ධාවනය උචිත සේ එන්ජින් ධාරිතාවකින් මෙම දුම්රිය සමන්විත බවද අලෝක ජයසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අගෙයි. එ්ත් මේවා නඩත්තු කරන්න ඕනේ හොඳින්. අපේ අයියලාට මේවගේ තියෙන තාක්ෂණය පුරුදුද දන්නේ නැහැ. තවම හොයන්නේ 1955 එන්ජින් එලවන්න නේද?
මෙව්වා විනාශ කළොත් නම් ඔවුන් අඹන්නයි තියෙන්නේ. එහෙම නොකලොත් මේ අයට මෙව්වා මාසයයි.
අනේ මිනිසුනේ මේවා ලස්සනට තියා ගන්නලා. පිරිසිදුවට වැසිකිලිටික තියා ගනිනලා . පිරිසිදුවට තිබුනොත් සංචාරකයන් මේවගේ ගමන් කරාවි. ලස්සනට වාඩිවෙලා යන්න . පොඩි දරුවෙක් එහෙම දැක්කම නුඹලව ආදර්ශයට ගනීවි. නැතිනම් කල්කටාවේ වගේ වෙයි .
මේවා ගෙනාවට නඩත්තු නැහැ. නැවත තැබීමට හැන්ගර් නැහැ. යන්න බලන්න ඩුබායි, නිතර සෝදා ලස්සනට තියා ගන්නවා වගේම ඒවා නවත්වන ගරාජය (අව්වට, වැස්සට බේරා ගැනීමට) අපේ රටේ මිනිස්සු කෑලි ගලවනවා. ඒවා පෞද්ගලික බස්රථවල දකින්න ලැබෙනවා. ආරක්ෂාව අන්තිම නිල්, සල්ලි කාගේද? ඒ වගේම තර්ජන, වර්ජන අයියෝ ලංකාව...
පේව්මන්ට් එකේ තණකොළ ගලවන්නේ කවද්ද?
නඩත්තුව තමයි මූලිකම දේ.. ඒක හරියට, වෙලාවට වුනේ නැත්නම් වැඩක් නෑ. අනික භාවිතය.. හරියට පාවිච්චි කරන්න උගන්නන්න ඕනෑ.. මොකද මේවගේ යන්නේ අපේ මිනිස්සුම විතරක් නෙමේ.. විදේශිකයන් පවා යනවා. හැමෝම කැමති පිරිසිදුවට, ලස්සනට තියෙන වාහනයක යන්න මිසක් අපිරිසුදු වාහනයක යන්න නෙමේ..
මේවා ගෙන්නුවෙත් හිටපු ආණ්ඩුවෙන්...
සුළු තාක්ෂණික දෝෂයක් කියල කිව්වා නේද? එ්කත් මොකක්ද කියලා බලාගත්තොත් හොඳ නැද්ද? අන්තිමේදී කියයි අපි කලින්ම මේ ගැන කිව්වා කියලා... ඒ වෙනකොට හැමදේම වෙලා ඉවරයි. මොකද අපේ අයියලා එහෙම තමයි...
සුභවාදීව දකිමු. දුප්පත්කම නිසා මිනිසුන්ගේ ජනජීවිත අවුල් වී ඇත. දුටුතැන සොරකම, අල්ලස, දූෂණය පරිපාලනය අඩපණ වී ඇත. රටක ආර්ථිකය දියුණු වන විට මිනිසුන්ද දියුණු වේ. සිතුම් පැතුම් හැසිරීමද වෙනස් වේ කණගාටු නොවෙමු. හිස් ඔසවමු. වැඩ කරමු. රට නගමු.
තර්ජන, වර්ජන අයියෝ සිරිසේන...!!!
ඉන්දියාවේ ඒවාට වඩා ප්‍රමිතිය හොදයි. මේකෙත් පෙට්ටි වල වීදුරු අරින්න පුළුවන් ඇති. කනවා බොනවා එළිියට විසි කරනවා. රේල් පාර දෙපැත්ත අපායක්. ආත්මාර්ථකාමී කුහකයෝ හදන්න දැඩි නීති පැනවිය යුතුයි. සිංගප්පුරුව හදා ගත්තේ එහෙමයි. මේ කෝච්චියේ තත්වය තව මාස දෙක තුනකින් කාටත් පෙනෙයි විනාස කරලා තියෙන තරම.
මිනිසුන්ගේ විනය හදන්නේ නැතුව ලෝකේ තියන සුපිරිම දුම්රිය බස් ගෙනාවත් වැඩක් නෑ. බුලත් කෙල ගහනවා, සීට් හූරනවා, කනවා, නම් ලියනවා, කකුල් උඩ තියන් යනවා, චුයිංගම් අලවනවා. දැන්වීම් ගහනවා. මොනවා හරි කාලා අත පිහිදානවා සීට් එකේ... මේවා ඇවිල්ලා අපේ මිනිසුන්ගේ ලේ වල තියෙන්නේ... මුලින්ම මේවා මකවන්න ඕනෑ. හැදෙන්නේ නැත්නම් නීති දාලා දඩගහලා හදන්න ඕනෑ. නීතිය දැඩි කළාම බයටම හරි විනය හැදිලා මේවා ආරක්ෂා කරන්න මිනිස්සු පුරුදු වෙනවා..
නඩත්තුව හොදට තියෙනවා නම් සාමාන්‍ය මිනිස්සු මේවට මුකුත් කරන්නේ නැහැ . කරන දෙයක් කරන්නේ දුම්රිය අංගන වල සුළු සේවකයා.