IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


චීනයේ ‘ෂු කේ ෂෙන්’ නෞකාව කොළඹ වරායට

චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (14) කොළඹ වරායට ‍සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.  

චීන නාවික හමුදාවේ සාගරික මිනුම් ඒකකයේ නියෝජ්‍ය ආඥාපති, ජ්‍යෙෂ්ඨ කපිතාන් ජෑන් බොරැන් මහතා නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවිය.

එහිදී ඔවුහු සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගත්හ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා සහ නෞකාවේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

සංචාරය නිමා කිරීමෙන් අනතුරුව (19) වැනි දින ‘ෂු කේ ෂෙන්’ නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

 



අදහස් (6)

චීනයේ ‘ෂු කේ ෂෙන්’ නෞකාව කොළඹ වරායට

sirimal Thursday, 14 November 2019 02:07 PM

ඡන්දයක් තියෙන අතර වාරේ මොකද මේ චීන නැවක්ම කොළඹට එන්නේ? 1971 අප්‍රේල් ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක කැරැල්ලක් සංවිධානය කරපු අවස්ථාවේද චීනයට අයත් මේවගේ නැවක් කොළඹට ආසාන්නයේ නවතා තිබුන බවට කතාවක් පැතිරී ගියා මතකයි. එහි තිබුනේ කොළඹ ප්‍රධාන ශාලාවක පැවැත්වීමට සංවිධානය කර තිබු චිත්‍ර ප්‍රදර්ශනයකට අවශ්‍ය බඩු බාහිරාදිය කියලයි ඒ කාලයේ කතාවක් පැතිරුනේ. ජවිපෙ කැරැල්ල ආරම්භ කරන්නට තිබුනේ සිංහල අවුරුද්ද දවසේ උනත් ඒ සඳහා ගෙන යමින් තිබුන අත් බෝම්බයක් ඊට දවස් දෙකකට කලින් පුපුරා යාම හේතුවෙන් එම රහස එලිවුනා. ඉන්පසු රට තුල විශාල කැළඹීමක් පැතිරී ගියා. එම සිද්ධියෙන් පසු ඉහත කී නැව වරායට ඇතුල් වන්නේ නැතුවම ආපසු ගිය බවටත් එම නැවෙන් කැරලිකරුවන්ට ලබාදීම සඳහා අවි ආයුධ තොගයක් ගෙන ආවා බවටත් කැරලිකරුවන්ගේ සහයට පැමිණි ගරිල්ලා සටන් පුහුණුව ලැබූ හමුදා භට පිරිසක්ද එහි සිටි බවටත් ඒකාලයේ කට කතා පැතිරී ගියා මතකයි. මේ වෙලාවේ ඒ කතාව මතකයට ආ නිසයි ලියන්නේ.

:       400       168

NishanFriday, 15 November 2019 04:48 AM

මේ සැරේ ගෙනාවනම් බඩු ගේන්න ඇත්තේ චීනෙට සින්නක්කරව රට ලියලා දෙන කෙනාට වෙන්න ඇති.

:       53       2

rajuFriday, 15 November 2019 09:09 AM

හම්බන්තොට වරාය විකුණපු කෙනාට දෙන්නද ?

:       13       33

sanjeewaFriday, 15 November 2019 09:08 AM

රටේ ලෝකේ වෙන්නේ මොකද්ද කියල දන්නේ නැති අයගේ මෝඩ අදහස්. 1971 දී අපේ උදව්වට ගුවන් යානා එව්වේ චීනෙන් හා රුසියාවෙන්.

:       1       75

ලුම්බිණි Friday, 15 November 2019 01:08 AM

මේ අවස්ථාවේ ඇමෙරිකන් යුද නැවක් ආවා නම් හැම දෙනාම විරෝධය පාන බව සහතිකයි...

:       0       215

jayamal Friday, 15 November 2019 01:52 AM

ගිය පාරත් (2015) ජනාධිපතිවරණය වෙලාවේ මේ වගේම නැවක් ආවා මතක ඇති. එයාලා එන්නේ එයාලගේ බිස්නස් ආරක්ෂා කරගන්න. ඩීල් වලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site