චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විදෙස් පුවත් සේවා දැන් මේ බව වාර්තා කළත්, මෙය සිදුවී ඇත්තේ මීට මාස කීපයකට පෙර යැයි ද පැවැසෙයි. ප්‍රතිමාව කඩා දමා ඇත්තේ, එය ඉතා උසින් ඉදි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නිසා ය. බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් ද තහවුරු වී ඇත.

ප්‍රතිමාව කඩා ඉවත් කිරීම සඳහා දින 9ක කාලයක් ගත වී ඇති අතර, චීන බලධාරීන් තෝසම් ගැටසෙල් ආරාමයේ භික්ෂූන් වහන්සේලාට සහ චුවාර් සහ අවට නගරවල වෙසෙන ටිබෙට් ජාතිකයින්ට කඩා බිඳ දැමීම නැරඹීමට බල කළ බව ද පැවැසෙයි.

(ටිබෙට් පුවත් සේවා)