
(රෝෂන් තුෂාර)
අයථා ලෙස දේපළක් රැස් කළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (26) නියෝග කළාය.
2019 ජනවාරි 01 දින සිට 2023 දෙසැම්බර් 22 දින දක්වා අතර කාලය තුළදී උපයාගත හැකි ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ දේපලක් රැස්කිරිමේ සැකයට සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරලා, එකතු කරලා, දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්තු දේපළ. කව්රු නැතත් මම ඉන්නවා මෙතුමාත් එක්ක...
මෙතුමා මෝඩ වැඩක් කරලා තියෙන්නේ. කරන්න තිබුනේ පක්ෂ අරමුදලට ඔය සියළුම දේ දාලා ඒකෙන් දීමනාවක් ගන්න එකයි...
දැන් එතකොට පාලු පැලෙ ඉන්න චන්ද්‍රපාලට මොකද වෙන්නෙ?