(දසුන් රාජපක්ෂ)
පියාගේ අනුස්මරණ උළෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාට ආරාධනා කර නැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද උදෑසන ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුව වෙත සමරු මල් කළඹක් තැබීමට පැමිණි හිටපු ජනාධිපතිනිය මේ බව පැවසුවාය.
සිය වැඩිමල් සහෝදරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සමඟ අද එම ස්ථානයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන සැමරුම් උළෙල අද (8) පෙ.ව.8.30ට සංවිධානය කර ඇති බවත් එම වේලාවට පෙර පැමිණ මල් කළඹක් තැබුවේ මන්දැයි යන්නය.
එහිදී මාධ්‍යවේදින් ඇමතූ ඒ මහත්මිය කීවේ සැමරුම් උළෙල සිය පියාගේ වන නිසා සුපුරුදු පරිදි සෑම වසරකම තමා මෙහි පැමිණ මල්කළඹක් තබන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාට මෙම සැමරුම් උළෙලට ආරාධනා කර නැති බවත් ඇය කියා සිටියාය.
ඉන් අනතුරුව මාධ්‍යවේදින් අතරින් නික්ම ගිය ඇය එහි සිටි ශ්‍රී ලංකා පක්ෂයේ සංවිධායකයන් සමඟ තමාට මෙම උළෙල සඳහා ආරාධනා නොකිරීම ගැන දොස් තැබුවාය.
ඇය පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙලේ කිසිවකු එහි පැමිණ නොතිබිණි.
(ඡායාරූප - ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනේත්‍රා චන්ද්‍රිකා නෝනාගේ නැගණියද?
අනේ මෙහෙමත් ...!!!
එදා බණ්ඩාරණායක මැතිතුමා කාල තරණය කර අද දවසට පැමිණ තම පරම්පරාව දෙස බලා ගියානං, කිසිවිටකත් එජාපයෙන් අයින් නොවනු ඇත.
අනේ අනිච්චං... කාටද දන්නේ නැහැ ලැජ්ජා නැත්තේ...?
දෙයියනේ සාංඝික දානයක් නැත්නම් හීල් දානයක් පන්සලට ගිහින් දුන්නා නම් හොඳ නැද්ද ඔය මල් කළඹවල් තියෙන වෙලේ..
වයසට ගියත් ජීවතුන් අතර සිටී නම් දරුවන් හට දෙමව්පියන් වෙනුවෙන් කළ යුතුදේ මැනවින් ඔප්පු කොට ඇත. රටට පෙනෙන සේ අඬ බෙර නොගසා වේලාසනින් ගොස් යුතුකම් ඉටු කොට ඇත. පවුලටවත් සම්බන්ධකම් නැති දේශපාලුවන් රට පෙනෙන සේ එ්කත් දේශපාලනිකව විකුණා කති. මෙහෙමත් ජඩ දේශපාලනයක්, ලාභ තකා මියගිය අයවලුන්ගේ නම් පවා විකුණන් කන දේශපාලුවන් ඇති රටකි...
සිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම හෝ ඔවුන් සිහිපත් කරන්න දුවා දරුවන්ට දේශපාලුවන්ගේ ආරාධනා උවමනා නැත ! ඒ බව චන්ද්‍රිකා සහ සුනේත්‍රා නියම අන්දමට ඉටුකර තිබෙනවා. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නම විකුණා කමින්, ජීවත්ව සිටින දරුවන් දෙදෙනා සැමරුම් උළෙල වෙනුවෙන් ඇරයුම් නොකර කොන්කිරීමට සංවිධායකයන් ගත් මුග්ධ තීරණය සම්පුර්ණයෙන් හෙළා දැකිය යුතු වෙනවා !