චීන වරාය ඉංජිනේරු සමාගම (සී.එච්.ඊ.සී) , කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන වෙනත් ව්‍යාපෘතියක සේවය කරන පිරිසකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනකුට සහ චීන ජාතික සේවකයන් සිවුදෙනකුට නව කොරෝනා එලෙස වයිරසය ආසාදනය වී ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
සිය කාර්ය මණ්ඩලයට සහ තාවකාලිකව ලැඟුම් ගන්නා සේවකයන්ටද නිරන්තරව කරන අහඹු පී.සී.ආර්. පරීක්ෂාවකදී එම සේවකයන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බව ද එම නිවේදනයේ දැක්වේ.
චීන වරාය ඉංජිනේරු සමාගම (සී.එච්.ඊ.සී) , කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන වෙනත් ව්‍යාපෘතියක සේවය කරන අතරතුර කොළඹ පොර්ට් සිටි ඉදිකිරීම් පරිශ්‍රයේ පිහිටි නවාතැන් ස්ථානවලින් එකක තාවකාලිකව නවාතැන් ගෙන සිටි සේවකයන් පිරිසකට මෙලෙස වයිරසය ආසාදනය වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
එම සේවකයන් නැවතී සිටි නවාතැන් පොළ අදාළ කොටහේනේ ව්‍යාපෘතියේ සේවය කරන්නන් පමණක් යොදා ගන්නක් වන බවත්, එම පුද්ගලයන් කොළඹ වරාය නගරය ව්‍යාපෘතියේ සේවය කරන්නන් නොවන බවත් එහි සඳහන් ය.
එමෙන්ම එම පුද්ගලයන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු හෝ එහි සේවකයන් සමග කිසිදු සබඳතාවක් පවත්වා නැතැයි ද එම නිවේදනයේ දැක්වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චීන වරාය ඉංජිනේරු සමාගමේ ව්‍යාපෘතියක 6 දෙනකුට කොරෝනා
Nuwan Thursday, 12 November 2020 09:51 AM
ඔක චීනෙන් ආවා වෙන්න බැරිද?