IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


චීන ව්‍යවසායකයන්ට ලංකාව ගැන හිත යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීමට මෙරට පැමිණි චීන ව්‍යාපාරිකයෝ සති දෙකක කාලයක් ලංකාවේ රැදී සිටීමට තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශ පවසයි.

එම ව්‍යවසායකයන් සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක්ද අමාත්‍යංශයේදී පැවැත්විණි.

ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා ගැන මෙහිදී චීන ව්‍යවසායකයන් දැනුවත් කර ඇති අතර ඊට අමතරව AI, Robotics සහ විදුලි භාණ්ඩ ඇතුළු වෙනත් කර්මාන්ත වල ආයෝජනය කළ හැකි බව චීන ව්‍යවසායකයන් දැනුම් දී තිබේ.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්ම මහත්මීහුද ලාංකීය ව්‍යාපාරිකයෝද සහභාගී වූහ.

 



අදහස් (3)

චීන ව්‍යවසායකයන්ට ලංකාව ගැන හිත යයි

chandima Thursday, 29 May 2025 08:38 AM

"රනිල් ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් වලින් මෙකට බාධාවක් නැද්ද?"

:       5       2

Nandalal de Silva - France Thursday, 29 May 2025 02:44 PM

වාහන එකලස් කරන එක නම් සුළු දෙයකි. කෑලි බෑලි හොර පාරෙන්, රේගු ඇස් වලටත් වැලි ගසා ගෙනැවිත්, හොර ගරාජ් වලදී එකලස් කර පාරේ දුවන මෝටර් බයිසිකල්, කාර්රථ මේතරම් තිබෙන රටකට චීන්නු අවශ්‍ය නෑ ඒ වැඩ වලට. පරෙස්සමින් චීන්නු, ඉන්දියන් කාරයෝ එක්ක බිස්නස් කරන්න ඕනෑ. අපේ රටේ ධනය ලුණු පොල් කට්ටේ ඉඳලා පිට වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...!

:       2       3

Nandalal de Silva - France Thursday, 29 May 2025 05:01 PM

චන්දිම හිතන කියන විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියාව සමග අත්සන් තැබූ ගිවිසුම් සහ මෙම චීන ආයෝජකයින් එක්ක කරන්න යන සාකච්ඡා ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ? රනිල් ගිවිසුම් අත්සන් කලේ රට වෙනුවෙන් මිස එතුමගේ පෞද්ගලික අභිවෘද්ධිය තකා නොවන බව මෙයාගේ පුංචි ටිකිරි මොළයට තෙරුනේ නෑ වගෙයි...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site