
(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජූලිගේ)
චීන පොහොර නැව වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදල වරද කළ පුද්ගලයන්ගෙන් අය කරගත යුතු බවත්, එය රටක් ලෙස ජනතාව විසින් ගෙවිය යුතු නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
රට තුළ දැඩි ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ගෙවීමක් කරන්නට සිදුවීම රටට විශාල පාඩුවක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය වගකිවයුත්තන්ගෙන් අයකරවීම වෙනුවෙන් පක්‍ෂයක් ලෙස කළ හැකි සියල්ල කරන බව ද සඳහන් කළේය.
ආණ්ඩුව කරන හැමදේම හරි කියා පිළිගන්නට සූදානම් නැතැයි කී දයාසිරි ජයසේකර මහතා වැරදි දේ වැරදියි කියන්න බයවෙන්නේත් නැතැයි කීවේය.
පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ පක්‍ෂ මූලස්ථානයේදී අද (15) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පොහොර අර්බුදය නිසා රටට වී ඇති විනාශය අද සියලු දෙනාම අත්දකින බව කී ජයසේකර මහතා කෘෂිකර්ම ඇමතිවරයා ගත් තීන්දුව නිවැරදි වුවත් එය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ගොස් විනාශයක් සිදුව ඇතැයි පැවසීය.
මේ වන විට වගාවන් සම්පූර්ණ විනාශ වී අසුවනු අඩු වෙමින් ඇති බවත්, නිවැරදිව කළ කාබනික පොහොර වගාවන් පවා මෙයින් විනාශ වන බවත් හෙතෙම සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතේ ඇති...!
පාඩුව වෙන්නේ ණයකරය නිකුත් කළ බැංකුවටයි. ගෙන්නපු සමාගමේ වයස දවස් 01 යි. සමාගමේ කිසිම වස්තුවක් අපයට තියාගෙන නෙමෙයි, ණයකරේ නිකුත් කරලා තියෙන්නේ. මේ ගොල්ලෝ දන්නවා, නමුත් බබා පාට් දානවා අපිට කොකා පාන්න.
මේ ප්‍රධාන කණ්ඩායම් දෙක කවදාවත් රටේ නීතිය සැමට සමානව ස්ථාපනය කරන්න උනන්දු වී නැහැ. මේ අය තම කණ්ඩායම්වල අයට නිදහසේ ජනතා මුදල් බැංකුවලින් පවා නිදහස් කල අවස්ථා අතීතයේද වී තිබෙනවා. මේ රට හැදෙන්න වෙනම කණ්ඩායමක් අවශ්‍යයි.
ඔය ගෙවීම් වලට තමා පිටරට කඹුරන උදවිය රටට ඩොලර් එවන්ට ඕනේ.
(මහින්දා) නන්ද (සේන) සහ ඌවෙන් පැමිණි රාජපක්ෂ මෙම මුදල් ගෙවීම කළ යුතුමයි.
ආණ්ඩුවෙන් ඉවත්වී විරෝධය පළකරන්න බැරිද? නිකන් පච විතරයි.. සර් ෆේල්...
. මොකද කිව්වොත් අනුමත පරීක්ෂාවට පෙර නැව මෙතනට ඇවිත් තියෙන්නෙ කොමිස් ගැහීමේ අධිෂ්ඨානය හින්ද කියල පොඩි ළමයෙකුටත් තේරෙනවා.