
( තිළිණි ද සිල්වා )
චීනය රජය 2021 වසර සදහා වන "අනාගත විද්‍යා ත්‍යාගය" ශ්‍රී ලාංකික විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතාට පිරිනමා ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.
මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවද ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේය.
ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් මහතාට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිවූ බව චීන තානාපති කාර්යාලය පවසයි.
2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැළකේ.
මහාචාර්ය මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ වයිරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන අතර යූන් ක්වොක් යුන්ග් මහතා එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරනු ලබයි.
2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් "අනාගත විද්‍යා ත්‍යාගය" පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.
හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා සායනික හා මහජන වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අතර ඉන්ෆ්ලුවෙන්සා, කොරෝන වයිරස් වැනි රෝග පිළිඉඳව අධ්‍යයනයහි විශේෂ උනන්දුවක් දක්වන අයෙකි.
2003 වසරේදී ලොව පුරා පැතිරී ගිය සාර්ස් රෝගය, එහි රෝග නිර්ණය හා රෝග කාරකය සඳහා නව කොරෝනා වෛරසය හේතු වූ බව සොයා ගැනීමේදී මහාචාර්ය පීරිස් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසානාවකට වගේ මලික් පීරිස් මහාචාර්ය තුමා හොංකොං විශ්ව විද්‍යාලයේ වැඩ කරන අතරේ නව සොයාගැනීම් කළා. ඒවා ලෝකයම පිළිගත්තා. ලංකාවේ ඉඳලා මේවා කළානම් අපේ අයමයි මෙතුමාට කපලා එතැනින්ම ලොප් කරන්නේ. මෙහෙ කළානම් රජයෙන් කිසිම පිළිගැනීමක් නෑ. මෙතුමාගේ වටිනාකම හඳුනාගත් චීන රජයට අපි ආචාර කරමු. මහාචාර්යතුමනි, ලංකාවට නම් එන්න එපා. ඔහේ ඉඳලා ඔබතුමාට ලෝකයට බොහෝ දේ කළ හැකිය.
මෙයා තමයි කොරෝනා දියුණු කරන්න ගොඩක් කඩේ ගියේ... බලන්නකෝ මෙයාගේ වීඩියෝ... මාධ්‍ය සංදර්ශන.
සුබ පැතුම්
ඔහු චීන එන්නත් ප්රවර්ධධනය කළේය. ඔහු එයට සුදුසු ය
චීන නොබෙල් ත්‍යාගය ,මොකද්ද ඒක ?ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන ඩයිනමයිට් නිෂ්පාදකයෙක් චීනෙත් හිටියද ?මේක මුළුමනින්ම බොරුවක් .කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියහල්ලා
නොබෙල් ත්‍යාගය ආරම්භ කලේ ඇල්ෆ්‍රඩ් නොබෙල් කියලා කෙනෙක් .ඒ නම තියන චීනෙකුත් හිටියද ?මේ කතාව අනුව මල්වත්තේ නායක හාමුදුරුවන්ව බෞද්ධ පාප් වහන්සේ හැටියට හඳුන්වන්න බැරි නැහැ .
හෙට අනිද්දා ඉන්දීය නොබෙල්, රැසිියානු නොබෙල්, ශ්‍රී ලංකා නොබෙල් ඒවත් එයි. මේවා බොරු චීන ප්‍රචාරන විතරයි.
චීන නොබෙල් ත්‍යාගය? ඇහුවෙත් අදයි.
සුබ පැතුම්
මොනවා වුනත් ඇගයීමකට ලක් වෙලා ඉන්නේ අපේ ලංකාවේ කෙනෙක්. සුබ පැතුම්
සුබ පැතුම්