(කාංචන කුමාර ආරියදාස)

රුපියල් ලක්ෂ එකසිය විස්සක  මුදලකට ගජමුතු පහක් චීන ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම් සඳහා  සුදානම් වූ  මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවකයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු අද (25) සැකපිට  මාතලේ සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ  අධිකරණයේ ලේඛනාගාණාගාර සේවකයෙක් ,නඩු භාණ්ඩ කාමරයේ සේවකයෙක් සහ රත්තොට ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයන් තිදෙනෙකු බව පොලිසිය කියයි.

 මෙම   පුද්ගලයන් සතුව තිබූ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ බවට සැකක කරන ගජමුතු පහක් ඔවුන් පැමිණි  ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට  ලද තොර තොරතුරක් මත මෙම වැටලීම  මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශනශන අංශයේ නිලධාරීහු මාතලේ නගරයේ පිහිටි සුපිරි හෝටලයක  කාමරයකදී පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

 දින ගණනාවක කාලයක සිට ගජමුතු පහක් රුපියල් ලක්ෂ 120 ක මුදලකට චීන ජාතිකයෙකු හට අලෙවි කිරීම් සඳහා සූදානම් වන බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි

චීන ජාතිකගේ   තැරැව්කරුවෙකු ලෙස වෙස්වලාගත් පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන් සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සුපිරි හෝටල් කාමරයේ රැඳී සිටිමින් මෙම කණ්ඩායම කොටු කරගෙන තිබේ.