(දීපාල් ද සිල්වා)
ශ්වසන අපහසුතායක් හේතුවෙන් බලපිටිය රෝහලට අද (28) සවස ඇතුළත් කළ කාන්තාවක් කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.
කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව ලැගුම් ගෙන සිටි අහුංගල්ල හෝටලයේ මෙම කාන්තාව සේවය කර ඇත.
මෙම කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට බලපිටිය රෝහල් කාර්යමණ්ඩලය සැකකරන බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
(ඡායාරූප - එම් .සුසිල් ප්‍රියන්ත)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන දායාද ලැබෙමින් පවතී ... සර්පයෝ , වවුල්ලු , කැරපොත්තෝ , පනුවෝ , ගෙම්බෝ, බල්ලෝ පුසෝ මෙකි නොකී ඕනෑම දෙයක් ආහාරයට කකා ජීවත්වෙන ජනතාවට අපේ රට මොන තරම් නම් වටිනවා ඇතිද ?
මේ රෝහල් කාර්ය මණ්ඩල වලට මීට වඩා ආරක්ෂිත ඇදුම් පැළදුම් ලබා දිය යුතුයි නේද? වෛද්‍යවරුන් හෙදියන් ආරක්ෂා වුනොත් නේද අනිත් අයවත් ආරක්ෂා කළ හැකි වෙන්නේ ?
කොස් කොළ කන්න බැහැ කිව්ව අපිට ඉස්සරහට ඔය කියන චීන අහාර කන්න වේවි වගේ තියෙන මිලත් එක්ක.
ජීවත් වෙන්න ආහාර අවශ්‍ය බව ඇත්ත නමුත් අද අපේ සමාජය පිරිහිලා තියෙන්නේ අපි ආහාර සදහා ජීවත් වෙන හැටියට හිතන්න පුරුදු වෙලා තියෙන නිසා. ඒ නිසා තමයි දේශපාලුවෝ රටේ අනන්ත ප්‍රශ්න තියෙද්දී හැමදාම එළවලු අච්චරයි ලුණු මෙච්චරයි කියා කියා පාර්ලිමේන්තුවේ බෙරිහන් දිදී මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරන්නේ උන්ගේ වැරදි නොපෙනෙන්න. අපේ රට හරිම ආශිර්වාදිත රටක් ..හැබැයි අපිට ඒ ආශීර්වාද ලැබෙන්නේ අපිත් රටේ සම්පත් දිහා ධනාත්මක ව බැලුවොත් විතරයි. කොරෝනා , චිකන් ගුන්යා , ඩෙංගු , කුරුළු උන මේ ඕනෑම එකකට අපේ ආයුර්වේද බෙහෙත් තියෙනවා. අපි මුලින් ම අපේ සම්පත් වල වටිනාකම දකින්න ඉගෙන ගමු.
දැන්වත් වහාම ක්‍රියාත්මක වන පරිදි චීන සංචාරකයන් රට තුලට එන එක නතර කරවන්න . තව බල බලා ඉන්නේ කුමටද ?
රෝගය පැතිරීම වලක්වන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න වෙනවා.
කන්න දේවල් බොහෝ තිබියදීත් සර්පයන්, වවුලන් ආදී දේවල් පරිභෝජනය කළවුන් මුළු ලොවක් අද කොරෝනා වසංගතයට බිලිදී හමාරයි. බුදුදහමට අනුව තහනම් මාංස අතර සර්ප මස් අන්තර්ගත බව අමතක නොකළ යුතුයි.