IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


චීන කත පැහැර ගත් චීන කතක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සංචාරයක් සඳහා පැමිණ සිටින චීන ජාතික කාන්තාවක් පැහැරගෙන ගොස් ඇය මුදා හැරීම සඳහා යුවාන් 15,000ක කප්පම් ඉල්ලා  සැඟව සිටි චීන කාන්තාව කොල්ලුපිටියේ පිහිටි ඇස්ටෝරියා මහල් නිවාස සංකීර්ණයේ නිවාසයකදී  හොයා ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

මෙම නිවාස සංකීර්ණය චීන ජාතිකයන් පදිංචිව සිටින එකක් යැයි ද කියති මෙම චීන ජාතික කාන්තාව තමාව කිසිවකු පැහැරගෙන ගිය බවක් සහ ඇයට යම් කරදරයක් සිදු වූ බවට ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම චීන ජාතිකකාන්තාවගේ ඥාති සහෝදරයෙක් චීනයේ සිට ඇයට යම් කරදරයක් සිදුවී ඇතැයි කියමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාට දුරකථනයෙන් කතා කර තොරතුරු දැනුම් දී තිබෙන බව දැනගන්නට ලැබුණු බව එම උසස් පොලිස් නිලධාරියා කීය

මෙම චීන ජාතික කාන්තාව ඇය පැහැරගෙන ගිය බවට හෝ වෙන යම් කරදරයක් සිදු වූ බවට ප්‍රකාශයක් කිරීමෙන් වැළකී ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ද කැමැත්තක් දක්වා නොමැති බව පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

මෙම චීන ජාතික කාන්තාවයළි ඒ රටට යෑමට කැමැත්තක් දක් වන්නේ නම් ආරක්ෂිතව ඇය කටුනායක ගුවන් තොටුපොළට දක්වා රැගෙන යන බව චීන තානාපති කාර්යාලයේ බලධාරීන් පැවසීම නිසා පොලිසිය ඇය එම නිලධාරීන්ට භාර දී තිබේ.

 

 



අදහස් (1)

චීන කත පැහැර ගත් චීන කතක් මාට්ටු

fairoos Tuesday, 21 March 2023 12:15 PM

අපිට තියන ප්‍රශ්න මදිවට චීන්නුන්ගේ ප්‍රශ්නත්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1214 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site