(අංජුල මහික වීරරත්න)

හෙක්ටෙයාර් එකකට අඩු ප්‍රමාණයක  වී වගා කළ සෑම ගොවියකුට චීන රජයෙන් ලැබුනු ඉන්ධන සහනය නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබෙි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට අනුව  චීන රජය විසින් මෙරටට ලබා දී ඇති  ඉන්ධන ලීටර් මිලියන 10.06න් ඉන්ධන ලීටර් මිලියන 6.98ක්  ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට සහන සැලසීමක් වශයෙන් යෙදීමට තීරණය කරන ලද බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

චීන රජයෙන් ලැබුනු සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි කොටස මෙරට ධීවර කටයුතු සඳහා ලබා දීමට නියමිතය.

ඉන්ධන බෙදාහැරීම ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් මගින් සිදු කෙරේ.