(කේ බුද්ධික කුමාරසිරි )
පෑළියගොඩ ප්‍රදේශයේ වැඩ බිමක සේවයේ නිරත සේවකයින්ට දුම්වැටි අලෙවියේ නිරත වූ එම වැඩ බිමෙහිම සේවයේ නිරත චීන ජාතික ඉංජිනේරුවරයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් තීරු බදු රහිත දුම්වැටි තොගයක් සමගින් අද (01) අලුයම අත්අඩංගුවට ගත් බව කොළඹ නාගරික සුරාබදු මධ්‍යස්ථානය පවසයි.

කොළඹ නාගරික සුරාබදු කාර්යාලයේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහතා ලද තොරතුරක් මත සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් එම වැඩ බිම වෙත යවා සැකකරු සමගින් මෙම දුම්වැටි තොගය අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාර 58 හැවිරිදි චීන ජාතික ඉංජිනේරුවරයා බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ශාන්ත දේව සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සිංහලයින්ට සිගරට් බීම තහනම් කියන තත්වයට පත්වුණාට අබිං ගන්න චීනුන් සිගරට්වලින් බේරිලා ඉන්නවා ඇති. සෞදි අරාබියට ගිය ඇමෙරිකානුවන්ට ඌරුමස් ගන්න තිබුණා නම් චීන්නුන්ට සිගරට් ගෙනත් තියාගෙන බොන්න බැරි ඇයි? ඔවුන් මේ රටේ ඉන්නේ අපේ වුවමනාවට... සිගරට් බීමෙන් අනිවාර්යයෙන්ම පිළිකා හැදෙනවා කියලා කොහෙවත් කියලා නැහැ.
රාජපක්ෂලා අපේ රට චීන කොලනියක් කරලා ඉවරයි. තව හොඳ හොඳ ඒවා අහන්න ලැබෙයි ඉස්සරහට...
චීනා කොහොමටත් විශ්වාසයක් තියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. හැම කෙනාම එකවගේ හින්දා වෙන් වශයෙන් හඳුනාගන්නත් අමාරුයි. අනිත් කාරණාව ඔවුන් බලු මස්, වවුල් මස් වගේ කුණු ජරාවල් කන හින්දා හිරිකිතයි. ඒත් ජරාව කන අපේ නායකයෝ ඒ අයට කැමැතියි. පුදුම වෙන්න දෙයක් නැහැ..!!!
සියලු චෝදනා වලින් නිදහස් කරාවි. චීනෙක්නේ...