
(අංජුල මහික වීරරත්න)
චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ නියෝජිතයෝ සහභාගී වූහ.
9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී අද ආරම්භ විය.
මෙම වසරේ ප්‍රදර්ශනයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයෝ 100 ක් පමණ මෙවර සහභාගී වී සිටිති. මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රුසක් ඊට අයත්ය.
ලබන 24 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි.
එම ප්‍රදර්ශනය මෙම වසරේ පැවැත්වෙන චීනය හා දකුණු ආසියානු රටවල් අතර වැදගත් ම ආර්ථික සහ වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් ලෙස සැලකේ. චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Wang Dongming මහතා එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් කළේය.



2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන - ආසියා ප්‍රදර්ශනයේ ලංකාවට ලොකු තැනක්