(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පස් දෙනකුගෙන් සමන්විත එජාප නියෝජිත කණ්ඩායමක් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියහ.
දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය සංවර්ධනය, රාජ්‍ය අංශයට පෞද්ගලික අංශයේ මැදිහත්වීම යන මාතෘකා පිළිබඳව සංචාරයේදී මෙම නියෝජිත කණ්ඩායමට වැඩිදුරටත් හැදෑරීමට අවස්ථාව හිමිවේ.
රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක්ද මෙම අවස්ථාවට එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් ගෑනු එවන ඩොලර් වලින් රට සවාරි. අපේ පංතියේ උන් හම්බු කරන සල්ලි වලින් තොපේ පංතියේ උන් රට සවාරි යනවා නේද?
දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය සංවර්ධනය, රාජ්‍ය අංශයට පෞද්ගලික අංශයේ මැදිහත්වීම යන මාතෘකා පිළිබඳව සංචාරයේදී මෙම නියෝජිත කණ්ඩායමට වැඩිදුරටත් හැදෑරීමට අවස්ථාව ලැබේනම් ඔවුන් සියලු දෙනා ( නායකයන් දෙදෙනාගෙන් හැර ) වෙන් වෙන් වශයෙන් ඔවුන් ලබාගත් අත්දැකීම් සහ දැනුම පිළිබද වාර්තාවක් ලබාගැනීම වැදගත්වේ. එවිට මොවුන් සත්‍ය වශයෙන්ම ඔවුන් ලද අත්දැකීම් හෙළිකරනු ඇත.
මුන් රිලව් ට තරම්වත් මොළයක් තියෙන එකක්යැ. නැත්නම් මුන් ටික දෙන්න තිබුණා චිනෙට
ඔන්න මුලින්ම 10 දෙනෙක් එවුවා
මිනිහෙක්ගේ වැටුප කියන්නේ ලාභයක් (profit ) නෙමෙයි. ඒ මිනිහගේ වියදම පිරිමහ ගන්න මහන්සිවෙලා උපයන මුදලක් ඔහුගේ ගෙවීම් හා වියදම් සඳහා . දේශපාලකයෝ මෙච්චර කාලයක් අධ්‍යාපනය අත්‍යාවශ්‍ය දෙයක් ලෙස දැකල නැ . හැබැයි TAX නම් අත්‍යාවශ්‍ය දෙයක් ලෙස දැකලා
රුවන් විජේවර්දන කියන්නේ කොමුනිස්ට් පක්ෂිකයෙක්ද ? ජනතාවගෙන් අසාධාරණ ලෙස අය කරන බදු මුදල් ?