IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චෝදනාවලට ’’යූත් ක්ලබ්’’ උත්තර දෙයි

(අංජුල මහික වීරරත්න)

යූත් ක්ලබ් වෙත එල්ලවන චෝදනා පදනම් විරහිත බැවින්  එම සියලු චෝදනා එකතු වී පරාජය කළ යුතු බව යූත් ක්ලබ් කොළඹ දිස්ත්‍රික් සම්මේලනයේ අධ්‍යාපන හා කාර්‍යාංශ බාර ලේකම් යුත් ක්ලබ් හෝමාගම ප්‍රාදේශීය සම්මේලනයේ සංවිධායක ලහිරු පෙරේරා මහතා පැවසීය. 

මින් පෙර යෞවන සමාජවල තනතුරු දැරූ කණ්ඩායම් සිය වගකීම් තරුණ තරුණියන් වෙනුවෙන් ඉටු නොකළ බැවින් ඔවුන්නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් මෙම චෝදනය ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය. 

යූත් ක්ලබ් පිහිටුවීමට අදාලව චෝදනා එල්ල කරන්නේ කවුරුන් දැයි සොයා බැලීම වැදගත් බව කී ලහිරු පෙරේරා මහතා එවිට ඔවුන් මෙම චෝදනා ඉදිරිපත් කරන්නේ කවරක් පදනම් කරගෙන දැයි පැහැදිලි වන බව ප්‍රකාශ කළේය. 

රජය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් ලෙස ජාතික තරුණ සේවා සභාව හරහා යූත් ක්ලබ් පිහිටුවීම හා ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්මේලන පැවැත්වීමට දේශපාලන අධිකාරිය සම්බන්ධ වීමෙන් යූත් ක්ලබ් ජාතික වැඩසටහනක් බවට මෙරට තරුණ තරුණියන්ට හැඟීමක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.

ලහිරු පෙරේරා මහතා  මෙම අදහස් දැක්වූයේ  කොළඹ ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ය. යූත් ක්ලබ් පිහිටුවීමට අදාලව එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබාදීම වෙනුවෙන්  මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි. 

හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය නියෝජනය කරමින් ජාතික සම්මේලනය තේරී පත්වූ ජයනි බස්නායක, කඩුවෙල සම්මේලනය නියෝජනය කරමින් කවීෂ නිම්සර, නාගරික තරුණයා සම්මේලනය නියෝජනය කරමින් ජාතික මණ්ඩලයට තේරී පත් වූ ෆවුසිල් අබ්දුල් රහුමාන්, මාතර දිස්ත්‍රික් සම්මේලනයේ සංවිධායක තනුක් ඒ. සුනන්දගේ මීට  සහභාගී වූහ.



අදහස් (2)

චෝදනාවලට ’’යූත් ක්ලබ්’’ උත්තර දෙයි

ටිල්වින් සීයා Saturday, 02 August 2025 04:07 PM

යූත් ක්ලබ් විතරක් නෙමෙයි, ගමේ මරණාධාර සමිතියේ තනතුරුත් අපේ පාක්ෂිකයින්ගෙන් පුරවන්න ඕනෑ. තව ඩෝබිලා ටිකකුත් සාමාජිකයෝ විදියට බඳවාගන්න ඕනෑ.

:       0       0

විපරමා Saturday, 02 August 2025 08:08 PM

වහල්ලූ හිතාගෙන ඉන්නේ මේවත් ,හොර පෙරකදෝරුවා ගේ තාරුණ්‍යයට හෙටක්, වගේ රැවටිලි කියලා?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site