(සුජිත් හේවාජුලිගේ )

චෝදනා අඩුපාඩු තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ  විමර්ශන නිලධාරීන් සිවු දෙනෙකුට පත්වීම් ලබාදී  ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

විනය ක්‍රියාමාර්ග මත වැටුප් විලම්භනය කිරීම කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය නියමිත දිනට සමත් නොවීම වැනි අඩුපාඩු චෝදනා තිබියදී  මේ නිලධාරීන් සිවු  දෙනාට 2019 වර්ෂයේදී  පත්වීම් ලබා දී ඇතැයි විගණන අංශ තොරතුරු  අනාවරණය කරගෙන ඇත .

වෘත්තිය සුදුසුකම් සඳහා ලබාදුන් ලකුණු ප්‍රමාණයන් සම්බන්ධයෙන්ද නිර්නායකයන් සකස් කර නොතිබූ බව විගණන  වාර්තාවක සඳහන් වේ.