
(විමුක්ති එස් රුද්‍රිගු)
හොලිවුඩ් චිත්‍රපටයක බැංකු කොල්ලයක් මතක් කර දෙමින් කොල්ලකරුවන් පිරිසක් විශාල විදින කටුවක් භාවිත කරමින් බටහිර ජර්මනියේ බැංකුවකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක මුදලක් කොල්ල කා ඇතැයි එරට පොලිසිය පැවැසුවේය.
කොල්ලකෑම සුප්‍රසිද්ධ ඕෂන් එලෙවන් චිත්‍රපටයේ ජවනිකාවක් මතක් කර දෙන බවත් කොල්ලකෑම සිදුකර ඇත්තේ පළපුරුදු කොල්ලකරුවන් පිරිසක් බවට සැකයක් පවතින බවත් ජර්මනි පොලිසිය ප්‍රකාශ කළේය.
කොල්ලකරුවන් බැංකුවේ තිබූ සේප්පු 3000 ක් පමණ විවෘත කර ඇති බවත් එහි මුදල් සහ රන් ආභරණ තිබී ඇති බවත් එරට පොලිසිය පැවැසුවේය.
නත්තල් දිනවල නිහඬතාව ප්‍රයෝජනය ගනිමින් කොල්ලකරුවන් පිරිස කොල්ල කෑම සිදුකර ඇති බවත් කොල්ල්ලකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ජර්මානු පොලිසිය ප්‍රකාශ කළේය.
බැංකුවට යාබද ගොඩනැගිල්ලක සිට විශාල විදින කටුවක් භාවිත කරමින් කොල්ලකරුවන් පිරිස සේප්පුවට ඇතුළු වී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවද ජර්මානු පොලිසිය පැවැසුවේය.
COMMENTS
මේක දැක්කාම මට ඉස්සර ලංකාවෙ තිරගත වෙච්ච චිත්රපටයක් මතක් වුනා. මට මේකෙ නම මතක නෑ. ඒකෙත් මුදලාලි කෙනෙක් බැංකුවෙන් සල්ලි අරන් එනව. මේ සල්ලි හොරකම් කරන්න බලන් ඉන්න කල්ලියක් බැංකුව ගාව චිත්රපටියක් රූගත කරන විදියට මුදලාලිගෙ සල්ලි ටික හොරකම් කරනව.