(ඩබ්ලිව්.කීර්ති සහ හියුබට් ප්‍රනාන්දු)
රජය නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව වසය අවුරුදු 60 පිරුණු රාජ්‍ය සේවකයන් විශ්‍රාම යා යුතු බැවින් දැනට රජයේ රෝහල්වල සේවය කරන වයස අවුරුදු 60 ඉක්ම වන විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 3110 විශ්‍රාම යාමට නියමිත බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.
එකවර විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් රජයට අහිමිවීම නිසා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වඩාත් දුෂ්කර තාවයට පත්වන බව ද ඔහු පවසයි.
මෙම තීරණය රසායනික පොහොර ආයනයන එකවරම නතර කිරීමට ගත්තා වැනි අමනෝඥ තීරණයක් බව ද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් මහතා කියා සිටියේය.
මේ හේතුවෙන් පිටපළාත්වල රෝහල්වලට විශේෂඥ වෛද්‍ය සේවයක් නැත්තටම නැතිවිමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය ලක්කුමාර් මහතා පවසයි.
2025 වන තුරු පිළිකාරෝගීන පොරොන්තු ලේඛනවල ඉන්නවා. ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍යවරුන් 80ක් සිටිය යුතුයි නමුත් දැන් සිටින්නේ 60ක් පමණයි. එස සංඛ්‍යාව ද 2023 ජනවාරි වන විට 40 දක්වා අඩු විය හැතියි.
නව චක්‍රලේඛයට අනුව 2022 දෙසැම්බර් මස වෛද්‍යවරුන් 3110ක් විශ්‍රාම යාමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි අපි 63 කලා කියමුකෝ එතකොට 2024 ඔය කියන තදබදය අයෙමත් එනවනේ.ඉස්සර 60ට ගෙදර ගිය කාලේ ඊලගට හිටපු සෙට් එක ඔය තැන්වලට ආවා.දෙසැම්බර් වලට පස්සෙ එක තැන පල්වෙවී හිටපු ඊලග කන්ඩායම එතැනට එයි.කනිශ්ටයෝ අතරමැදි තැනට එයි.ආදුනිකයෝ කනිෂ්ඨ වෙයි.ඕක තමයි චක්‍රය.එහෙම නැත්නම් මේක 90 වෙනකන් දික්කරගෙන ඉන්න වෙයි හැමදාම
ඔයගොල්ලෝ ගිහින් පූර්ණ කාලීනව පුද්ගලික සේවය කරන්න ඕනෑතරම් අලුත් අය ඉන්නවනේ... ඒ අයට ඉඩදෙන්න. විශේෂඥ දොස්තර මහත්තයෙක්...රෝහලක ලෙඩ්ඩු කී දෙනෙක් දවසකට බලනවාද?
60 න් පස්සේ වැඩ කරනවා නම් පුද්ගලික සේවයේ වැඩ කරන අයට පුද්ගලික සේවය තහනම් කරන්න. නැතිනම් මේ වවාගෙන කන්න තමයි සූදානම....
වෛද්‍ය සංගම් මාෆියාව මේවාට වග කියන්න ඕනෑ. පහළ ඉන්න කෙනාට උඩට එන්න දෙන්නේ නැහැ. මහ එවුන්ට කත් අදින කෙනාට විතරයි තැන දෙන්නේ...
බුද්ධිමත් වෛද්‍යවරුන් ලෙස තාවකාලික විසඳුමක් සහ දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කරන්න.
ලංකාවේ සෞඛ්‍ය සේවය හොඳින්ම තිබුණු කාලේ විශ්‍රාම යන වයස 55යි. කඩන් වැටෙන්න පටන් ගත්තේ 60 කළාට පස්සේ...
රටම හොරාකාලා කාබාසීනියා කරපු 60 පැනපු දූෂිත දේසපාලුවෝ ඔක්කොම එළවලා දැම්මා නම් තමා හොන්ද .
ඔය චක්‍ර ලේඛනයෙන් 60ට වැඩි මන්ත්‍රීලත් ගෙදර යනවාද?
පරණ අයම මේක බදාගෙන ඉන්නවා. සල්ලි හොයන එකයි මාන්නය රකින එකයි තමයි අරමුණ . තරුණ අයට උඩට එන්න දෙන්නෙ නෑ. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වෛද්‍යවරුන් බිහි වෙන්න දෙන්නෙ නෑ.
වෛද්‍ය සේවය ආයේ අමුතුවෙන් කඩා වැටෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔය කියන විශේෂඥ වෛද්‍යවරු රජයේ රෝහලක බේතකටවත් හොයා ගන්න බැහැ. පෞද්ගලික වෛද්‍ය සේවා කළු කඩේට (චැනල් සෙන්ටර්) ගාන බැන්දාම තප්පර කිහිපයක් ඇතුලත රෝගය පරීක්ෂා කරවා ගන්න පුළුවන්. සියලුම දිරි දීමනාද ඇතුළුව රජයෙන් පිනට වැටුප් ලබා ගැනීමට නේද මේ තව උත්සහ කරන්නේ? පුළුවන් නම්, රාජකාරියට පැමිණෙන හා පිටවෙන වෙලාව සටහන් කර පෙන්වන්න. (ඒ ස්ථානයට CCTV කැමරා අත්‍යාවශ්‍යයි) හිතාගෙන ඇති ලංකාවේ දොස්තර මාෆියාව ගැන අපි නොදන්නවයි කියලා..සුවසැරිය ගිලන් රථ සේවයටත් මොන තරම් නම් මොවුන් විරුද්ධ උනාද?
private channeling කරන්න ඕන කමට එල්ලී ගෙන ඉන්න එපා. අලුතින් එන දොස්තරලට ඉඩ දීලා කරුණාකරලා ගෙදර යන්න. අලුත් අය දක්ශයි. පරණ අය වගේ නෙවෙයි හොයලා බලලා වැඩ කරනවා. පරණ අය ඉන්න නිසා අලුත් අයට ඉඩක් නැ. දැන් මම දන්න විදියට පොඩි ඉස්පිරිතාලවත් විශේෂඥයො ඉන්නවා. ඒ අයට තැන දෙන්නේ නැතිව මහල්ලො ප්‍රධාන ඉස්පිරිතාල ටික අල්ලන් ඉන්නවා.
මොකක්ද මේ විහිළුව...? රාජ්‍ය සේවය ඔක්කොම විකුණලා දැම්මානම් ඉවරයි. 65 කරද්දි කියනවා තරුණයන්ට ජොබ් නැතිවෙනවා කියනවා. 60 කරද්දි වැඩට මිනිස්සු නෑ කියනවා. මේ ඔක්කොම හොරු... ඔක්කොම ගෙදර යවන්න ඕනෑ.
දේශපාලඥයන් 60න් විශ්‍රාම නොයෑම ගැන කාටවත් කැක්කුමක් නැතුව ඇති.
ඩොක්ටර් සීයලාට හැරමිටි දීමනාවක් දෙන්න වෙනවා.
විශ්‍රාම වයස හිටපු ඇමතිගෙ පස්සෙන් ගිහිල්ල වැඩි කරගන්න කලින් කොහොමත් තිබුනෙ 60 නේ. .
Nothing will happen to the health system as they think. But we will lose the young Consultants continuously working in peripheries due to migration. These senior consultants will lose their private practice. Number of doctors retiring has increased because no one retired during last few years. If this is true, we have to further extend the retirement age to infinity to prevent collapse of health and other areas too.
ඔහෙලා කියන්නේ මේ අපේ දොස්තරලා මේ චක්‍ර ලේකය නිසා ලෙඩුන්ට බෙහෙත් දෙන්නෙනැතිව ඉඳීවි කියලද? එහෙමනම් අපික්පැත්තෙන් ඉර පායයි. එකම දේ ඒ ගොල්ලන්ට පෞද්ගලික චැනල් කරලා කාලයක් බෙහෙත් කලාට පස්සේ ලෙඩාට අමාරු වෙන පාටයි නම් රෝහලට එන්න කියලා ඇඟ බේරගන්න එක කරන්න බැරි වෙනවා.
This circular is not relevant for doctors.
විශ්‍රාම වයස අවුරුදු 100 කරත් මේ තත්ත්වය වෙන්නේ නැත. වෙනස් වෙන්න නම් ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනි. මහජන මුදලින් ඉගෙන ගෙන ජනතාවට සේවය කරන්න කැපවිය යුතුය. අතිකාල දීමනා ඔන්කෝල් දීමනා මේවට සරිලන සේවයක් කරනවද?
පෞද්ගලික සේවය පැයකට ලෙඩ්ඩු කී දෙනෙක් බලනවද. කෝ එම කාර්යක්ෂමතාව රජයේ රෝහලේ.
You can't stay forever. . One day you have to leave. Work honestly till 55. retire gracefully. give an opportunity to others. Every year there is a batch supposed to be released. Let's change our mind set. After 55 you can work in private hospitals.
මෙය රජය ගත් ඉතා හොඳ සහ ප්‍රගතිශීලී පියවරකි. විශ්‍රාමික වයස අවුරුදු 55 නොව 60 ලෙස නියම කර ඇතත් සමහර වෘත්තීය සමිති මෙයට විරුද්ධ ඇයි? ඇරත්, විශ්‍රාම යන වයස අඩු කිරීමට විරුද්ධ වන මේ අය නිදහස් වූ අවුරුදු පහක කාලය විදේශගත වී තමන්ටම ධනයක් උපයා ගැනීමටත්, රටට විදේශ විනිමය මුදලක් උපයා ගැනීමටත් ප්‍රයෝජන නොගන්නේ මන්ද? රාජ්‍ය සේවයට බලපෑමක් වෙනවා කියලා මවාපෑමට උත්සාහ කරන නමුත් සත්‍යය නම් ඔවුන් ඊට විරුද්ධ වන්නේ ඔවුන් පීඩාවට පත්වන නිසයි. වෘත්තීය සමිති බලපෑම් මත රජය මෙම අතිශය යෝග්‍ය තීරණයෙන් පියවරක් පස්සට ගන්නේ නම් එය ඛේදවාචකයක් වනු ඇත. පෞද්ගලික අංශයේ වයස් සීමාව අවුරුදු 55 දක්වා සීමා කිරීමට ද රජය සලකා බලනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය ශ්‍රී ලංකාව වන අතර බොහෝ දුරට තරුණ පරම්පරාවක් ආයතනය තුළ රැකියාවක් සහ වෘත්තීය ප්‍රගතියක් අපේක්ෂා කරන රටකි. අපට මේ සඳහා විසඳුමක් අවශ්‍ය වන අතර විශ්‍රාම යන වයස සීමා කිරීම විසඳුම සහ ඉදිරි මාර්ගයයි.
ඔය ඔක්කොම විශ්‍රාම යවන්න. අලුත් වෛද්‍යවරු බිහි කරන්න.
විශ්‍රාම වයස අවුරුදු 55 කරන්න. තරුණ දක්ෂ වෛද්‍යවරුන්ට රජයේ රෝහල් බාරදෙන්න. ඔවුන්ට පෞද්ගලික සේවය තහනම් කරන්න. විශ්‍රාමික වෛද්‍යවරුන්ට පූර්ණකාලීනව පෞද්ගලික සේවයේ යෙදීමට ඉඩ සලස්වන්න. මෙයින් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලංකාවට ලබාගත හැකිවනු ඇත.
බහුතරයක් රයජෙ වයිද්‍යවරු ඉන්නෙ ගෙවල් වල. OT ඔක්කොම දාගෙන මුලු පඩියම ගන්නව. සමහර වයිද්‍යවරු මාසෙට දවස් 10 ක්වත් වැඩ කරන්නෙ නෑ. ඉන්නෙ පුද්ලිකායතනවල වල. එ ගොල්ලොන්ව හරියට සේවයට යොදවන්න. ඇත්තට රටෙ වද්‍යවරු හිගයක් නෙ. හිගයක් මවල තියෙන්නෙ.
private channeling කරන්න ඕන කමට එල්ලී ගෙන ඉන්න එපා. අලුතින් එන දොස්තරලට ඉඩ දීලා කරුණාකරලා ගෙදර යන්න. අලුත් අය දක්ශයි. පරණ අය වගේ නෙවෙයි හොයලා බලලා වැඩ කරනවා. පරණ අය ඉන්න නිසා අලුත් අයට ඉඩක් නැ. දැන් මම දන්න විදියට පොඩි ඉස්පිරිතාලවත් විශේෂඥයො ඉන්නවා. ඒ අයට තැන දෙන්නේ නැතිව මහල්ලො ප්‍රධාන ඉස්පිරිතාල ටික අල්ලන් ඉන්නවා
විශ්‍රාම වයස වැඩිකිරීමෙන් සිදුවන්නේ...!
විශ්‍රාම වයස වැඩිකිරීමෙන් සිදුවන්නේ නව දැනුම ඇති දක්ෂ, තරුණ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම වැඩිවීමයි.
මෙක ලොකු ප්‍රස්නයක් වෙන්නෙ නැහැ AL බයෝ වලට A3 ගන්න ඔක්කොමලට විශ්ව විද්ලෙයට එන්න පහසුකම් සැලසුවනම්.
2022 12 31 විශ්‍රාම යවන සේරම රජයේ සේවකයන් තනතුරු අනුව වර්ගීකරණය කලොත් ඒ අයගේ හා වෛද්‍ය හා විශේෂඥ වෛද්‍ය වරුන්ගේ ලොකු අනුපාතයක් නැතුව ඇති. ඔය ගණන් පෙන්නුවට. අනික අද පාර්ලිමේන්තුවේ කියවුනා. දුෂ්කර රෝහල්වල වැඩි හරියක් සේවය කරන්නෙ ලියාපදිංචි වෛද්‍යවරු කියලා. අනික් අය යන්න හොරද ඒවට?
60 පැනලා ගෙදර යන්නේ හොඳ පලපුරුද්දක් ඇති වෛද්‍යවරු. දක්ෂ වෛද්‍යවරයෙක් නම් එයාලට ගෙදර උන්නත් පෝලිමේ ලෙඩ්ඩු එනවා. ඒක නිසා අවශ්‍ය නම් සේවාකාලය තුළ ඉපැයූ මුදලින් පුද්ගලික රෝහලක් වුනත් පටන් ගන්න පුළුවනි.
මේ වගේ චක්‍රලේඛයක් ඉස්සර වෙලාම අනුමත කරන්න ඕනේ ඔය උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ ඉන්න බලයට සහ මුදලට අතිශයින්ම කෑදර, රටට කිසිම වැඩක් නැති ඒ අයට වැඩක් ඇති මැතිඇමැතිලාටයි. එතකොට අනිවාර්යෙන්ම රටට ප්‍රගතියක් වෙයි. ඉන්න පළපුරුදු වෛද්‍යවරුන්ව, රටේ මෙවැනි අවදානම් තත්ත්වයක් තියෙන අවස්ථාවක විශ්‍රාම ගන්වන එක කරන්න ඕනේ. අනිත් ආධුනික වෛද්‍යවරුන්ට හොඳ පුහුණුවක් දීමෙන් පසුවයි. කිසිම පෙර සැලසුමක් නැතිව මෙවැනි තීරණ ගැනීම තවත් රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටළු ඇතිවීමට මුලපිරීමක් ලෙසයි මට හැඟෙන්නේ... මෙයින් වඩාත්ම පීඩාවට පත්වෙන්නේ නැවතත් රටේ සාමාන්‍ය ජනතාව. මැතිඇමැතිලා කෙලින්ම යන්නේ ඉතිං සිංගප්පූරුව වගේ රටවලට... සාමාන්‍ය ජනතාවට ඉතිං කාගේ පිහිටක්ද?
විශ්‍රාම යන කණ්ඩායමට සාපේක්ෂව ඇත. වැඩි සංඛ්‍යාවක් අලුතින් සේවයට එක්වීමට ඉන්නවා. හැමදාම පරණ අයම ඉන්න ඕනේ... නැතිනම් හැමදෙයක්ම කරන්න බැහැ කියන ආකල්පය තියන් හිටියොත් රටක් හදන්න අමාරුයි. අද තරුණ දොස්තර මහත්වරු වැඩි දෙනෙක්ගේ හොඳ ආකල්ප තියෙනවා.
ඔය ගණන් ඔයවගේ අඩුවෙන්න මෙයාලාත් එක හේතුවක්... වෛද්‍යවරුන්ට උසස් පුහුණුව ලබන්න ලංකාවේ එකම එක ආයතනයයි තියෙන්නේ. එක විභාගයකට 200ක් හිටියොත් ඒකෙන් ගන්නේ 12ක් 10ක් වගේ ප්‍රමාණයක්... ඉතුරු ඔක්කෝම එළියේ... අලුත් විශේෂඥ වෛද්‍යවරුන් කිසිම කෙනෙක්ට මෙයාලා ඉන්න පළාතකටවත් එන්න දෙන්නේ නෑ. පුද්ගලික සේවයට පහරවදියි කියලා. අන්තිමට ඒ මිනිස්සු රට අතෑරලා යනවා.