ගයාන් සූරිය ආරච්චි

දෙහිවල ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා ගිනියවියක් සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටිි පුද්ගලයකු ඊයේ (18) සවස අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් බඩෝවිට අසංක නැමැති අපරාධකරුගේ සමීපතමයකු වන කුරුවිට ආරච්චිගේ කවිදු ධනංජය නොහොත් සැන්ඩෝ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ක් වන පුද්ගලයකි.

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත 09mm උණ්ඩ යෙදිය හැකි (කටස්) ගිනි අවියක්, T56 අවි සදහා භාවිතා කරන මැගසිනයක්, තවත් පිස්තෝල ගිණි අවි කොටස් හා T56 ජීව උණ්ඩ 30 ක් පොලිස් භාරයට ගෙන ඇත.