උපාලි ආනාන්ද සහ පැතුම් දර්ශන
ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ තරුණයකුට බරපතළ ලෙස පහරදී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කල සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියක මේ මස 23 වනදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (15) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ කැබිතිගොල්ලෑව ගොනුහද්දේනාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
ඉකුත් 12 වන දා රාත්‍රියේ ඥාතීන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර මෙලෙස පහර දී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇත්තේ කැබිතිගොල්ලෑව ගොනුහද්දනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ජයසුන්දරගේ ෂෙල්ටන් ජයතිස්ස නැමැති 26 හැවිරිදි අවිවාහක තරුණියකි.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදිරිනීතිය වෙලාවේ මෙහෙම නම් අනිත් දවස් වල කොහොම ඇතිද ?