
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පසුගියදා ත්‍රිරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරු පැදිය බොල්ගොඩ ගඟේ ඌර කඩුව තොටුපලේ ගිල්වා තිබියදී මීට සුළු මොහොතකට පෙර සොයා ගත් බව පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සංජීව ඉරසිංහ මහතා පැවසීය.
පසුගිය 25 වැනිදා සිදුවූ සිද්ධියෙන් වයස අවුරුදු 32 වන පානදුර වලාන ගැමුණු මාවතේ පදිංචිව සිටි ලක්ෂාන් සදකැලුම් නැමැත්තා මිය ගියේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකළ ඝාතනයක් බව මේ වන විට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හොයා ගන්නවා. මරපු දෙන්නා ඇරෙන්න.