(සුමිත් ප්‍රේමතිලක සහ ප්‍රේමතිලක පෙරමුණ )
වයෝවෘද්ධ පුද්ගලයෙකුට අතින් පයින් සහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.
වැලිපැන්න,වලගෙදර, මානාන්නවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි ජයසිංහ ගුරුන්නාන්සේලාගේ රත්නසිරි අයට ඊයේ (22) රාත්‍රි 11.30 ට පමණ පහරදී මරණය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිය පියාට අතින් පයින් පහර දී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකළ බවත්,ඔහු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් මරණකරුගේ පුත්‍රයෙකු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර කොට්ඨාස අපරාධ නිරීක්ෂණ නිලධාරීන් ද පරීක්ෂණ සිදු කරන ලදී. සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd