
(අංජුල මහික වීරරත්න)
ගෘහස්ථ නොවන රැකියා සඳහා (Non Domestic Sector) ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය කිරීමට කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය.
ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා දූත මණ්ඩල නොමැති රටවල රැකියා සඳහා අදාළ රැකියා ගිවිසුම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය, ගුවන් තොටුපොල ඒකකය හෝ දිස්ත්‍රික් කාර්යාල මගින් අනුමත කරගත යුතු බවද කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව 2025 ජූනි 07 දින සිට ගෘහස්ථ නොවන කාණ්ඩයේ සියළුම රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් (Self) විදේශ ගතවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අදාළ රැකියා ගිවිසුම සහතික කිරීම අනිවාර්ය වන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. මෙය කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවයකි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෘහස්ථ නොවන විදේශ රැකියා ලියාපදිංචියට නව නීතියක්