(සුජිත් හේවාජුලිගේ)
දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාද මුදල් ලබාදෙන තුරු බාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට අද (17)දැනුම් දුන්නාය.
දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළාය.
දිස්ත්‍රික්ක දාහතකට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් නැතැයිද ඇය පැවසුවාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20 ක් පමණ වේ. එහෙත් ඒ මුද්‍රණ කටයුතු වෙනුවෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි හතරක පමණ මුදලක් පමණක් බවද ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කෙරුණු ඡන්ද පත්‍රිකා සියල්ල යම් කිසි හේතුවකින් ඒ මැතිවරණය අවලංගු කෙරුණහොත් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට සිදුවන බව රජයේ මුද්‍රණාලය පවසයි.
එහෙත් උපදෙස් පත්‍රිකා සහ පෝරම පමණක් වෙනත් මැතිවරණවලට යොදාගත හැකි බවද සඳහන් කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ සෙසු ඡන්ද පත්‍රිකා මුද්‍රණයද මුදල් ලබා දෙනතුරු ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ( 16) දැනුම් දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ගහපු චන්ද පත්‍රිකා වැඩක් ගැනීමට නොහැකි උනොත් එකේ අලාබෙ ගංගානිට දෙන්න කියමු
මේ නිලධාරිනිය " එදා " කල වැරැද්දක් අල්ලාගෙන ..ඇයගේ ඒ දුර්වලතාවය තමන්ගේ අවියක් කරගත් රනිල් වික්‍රමසිංහ නම් පට්ටහොරු 134 දෙනෙකුගේ චන්දයෙන් ජනාධිපතිවුන මහා බැන්කුහොරා නොහොත් බටලන්දේ මිනීමරුවා ..දැන් ඇයව බියගන්වමින් ඔහුට අවශ්‍ය කාර්යය කරගන්න උත්සාහ කරනවා.හැබැයි එකක් ස්ථිරයි..දවසක රනිල්ව දාලා තියෙන බලු කුඩුව අසලම ඔහුට සහායදුන්න මුදල් අමාත්‍යංශයේ උද්දච්ච ලේකමා , මුද්‍රණාලයේ ලොක්කි සහ පොලිස්පතිගේ බලු කුඩුත් තිබේවි.
යකෝ මේකිව කන්න වටිනවනේ.අපෙන් පඩි අරගෙන රනියා එක්ක එකතුවෙලා අපිටම කෙලින්න එනවා.හොඳයි නෝනේ ඔහොම පලයන්කෝ වැඩිය උඩ පැන්නාම ** බිම ඇනෙනවා. බලාගෙන.
පිස්සු හටනක්.මොලේ මස්තබාල්දුවුන එකියක්ද කොහෙද.
මෙයත් හදන්නේ ඡන්දය කල්දාගන්න... රනිල්ගේම කෙනෙක්...
එක පාරක් ගහන්න සල්ලි ඉල්ලුවා. දැන් නිකන් ගහන්න දීලා සල්ලි ඉල්ලනවා. මේ වගේ අය එක්ක රාජ්‍ය ආයතන මෙහෙමවත් ඉතුරු වෙලා තියන එක පුදුමයක්...
පින් ජනපතියා කිව්වෙත් කල්දාන්ඩ කොහෙන්ද චන්දයක් කියලනේ. මේ අම්මණ්ඩිත් පින් ජනපතියාට හරියන කෙනෙක්?
මෙය මෙතන සිල්ලර කඩයක් දා ගෙනද ඉන්නේ ? රජයේ නිලදරියෙක්ට පුලුවන්ද එහෙම සල්ලි ඉල්ලන්න ? ජනතාවගේ මැතිවරණ අයිතිය උදරගන්න හැම නිළදාරියම අනාගතේ දවසක හිරේ ලගින්න බලාගෙන ඉන්න