(යොහාන් භාසුර)
සියලුම ගෘහස්ථ ගෑස් අළෙවිසල්වල කිලෝ 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා තිබිය යුතු බවට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය.
කිලෝ 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර කිසියම් වෙළෙන්දකු තම සන්තකයේ හෝ භාරයේ හෝ යටතේ තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර් මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රව පාරිභෝගිකයන්ට බලපෑම් නොකළ යුතු යැයි ද එම ගැසට් පත්‍රය සඳහන් වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පාරිභොගිකයන්ට තියෙන එකක් අරන් පලයන් කියලා ගහපු ගැසට් එකක් වගේ. මුදලාලිලාට අවුලක් නැ. උන්ට ඕන එකක් විකුනන්න පුලුවන්. අපරාදෙ ගැසට් එක ගහන්න ගිය සල්ලි.
ප්‍රිමියම් - 18 L ගෑස් සිලින්ඩරය තහනම් කළා නම් හරිනේ.
ඔය ගැසට් ගැහුවට ඒවා ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න නිලධාරියෝ එන්නේ නැතිනම්, ඔවුන් පගාව ගන්නවා නම් ඒකෙන් ඇති ඵලක් තිබේද?
කෝ ගෑස්වලට මිල නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ