
(යොහාන් භාසුර)
එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස් ආයතනය සහ රජය අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක් බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂ ජනක පතිරත්න මහතා අද (24) පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් ජනතාව අතර මේ වන විට තිබෙන බව කී ජනක පතිරත්න මහතා එම සියලුම ගෑස් සිලින්ඩර ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් කර ඇති බව ද සඳහන් කළේය.
ලංකා ගෑස් සමාගම සහ ෂෙල් ගැස් සමාගම යන සමාගම් ලෙස වර්තමාන ලිට්‍රෝ ගෑස් සමාගම පැවැති කාලයේ සිට වසර 150 කට ආසන්න කාලයක් ජනතා විශ්වාසය තබාගෙන වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන බවත් සඳහන් කළ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂවරයා කිසිඳු බියක් නොමැතිව ගෑස් පරිභෝජනය කරන ලෙස වගකීමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීය.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සුරක්‍ෂිතා අධ්‍යක්‍ෂ, රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මහතා මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ගෘහස්ථ යන දෙකටම එකම වායු සංයුතිය භාවිතා කරන්න බවත් ගෑස් සිලින්ඩරය සමඟ සම්බන්ධ කරන සෙසු උපාංගවල දෝෂයක් නිසා ගෑස් කාන්දු වීමෙන් ගෑස් වාතයේ බරට වඩා ඝනත්වයෙන් වැඩි නිසා කාන්දුවීමකදී පොළව මට්ටමේ දීර්ඝකාලයක් එකතු වුණහොත් ගිනිගන්නා සු`ඵ ප්‍රභවයක් එකතු වීමෙන් ගිනිගැනීමක් හෝ පිපිරීමක් වියහැකි බවයි.
ගෑස්වල පීඩනය මෙන් හය ගුණයක් දරාගැනීමේ හැකියාව සිලින්ඩරය සතුව තිබීම නිසා සිලින්ඩරයේ පිපිරීමත් ඉතාමත් කළාතුරකින් සිදුවිය හැකි බව කී සුරක්‍ෂිතා අධ්‍යක්‍ෂවරයා සිලින්ඩරයට පීඩනය දරාගැනීමට නොහැකිවුණොත් සිලින්ඩරයේ තිබෙන ආරක්‍ෂිත වෑලයයෙන් වැඩිවෙන හෝ වෙනස් වන පීඩනය ඉවත් කරන අතරම ගෘහස්ථ සිලින්ඩරයේ පීඩනය රෙගියුලේටරයක් සමගින් අඩු කරන බවත්ය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එස්.එල්.එස්. 712 ප්‍රමිතයට අනුව ප්‍රෙපේන් සහ බියුටේන්වල අනුපාතය ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳව සළකා තීරණය කරන බවත් එම අනුපාතය රටින් රටට වෙනස් වන අතරම වර්තමානයේ ශ්‍රී ලංකාවේ එහි කිසිම වෙනස් කර නොමැති බවත් ඔහු වැඩි දුරටත් කීය.
කොළඹ පැරණි තුරඟ තරග පිටිය පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන පෙළේ ආපනශාලාවක පසුගියදා සිදුවූ පිපිරීම සහ ගිනිගැනීමේ සිද්ධියත් සමඟ ගෑස්වල ප්‍රමිතිය ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම කොළඹදී අද (24) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමන්ලා එහෙම කිව්වට කලින් බියුටේන් 80% ප්‍රොපේන් 20% තිබ්බ ප්‍රතිශතයට වඩා දැන් ප්‍රතිශතය බියුටේන් 50% ප්‍රොපේන් 50% විදියට ප්‍රොපේන් වැඩි කරලා තියෙනවා කියන කතාව නිවැරදියි. ඒ වගේම ප්‍රොපේන් වල වාශ්පීකරණය බියුටේන් වලට වඩා වැඩි නිසා සහ ප්‍රොපේන් වාශ්ප වීමේදි තියෙන අධික පීඩනය නිසාත් මේ ප්‍රතිශත වෙනස් වීම ටැංකි වල අභ්‍යන්තර පීඩනය වැඩිවී ඒවා පිට වීම නොවෙනවා කියා අපට කියන්නට බැහැ. මොකද අධික පීඩනය නිසා ලීක් වුනොත් ගෙවල් ඇතුලේ ගෑස් එකතු වී ලොකු අනතුරක් වෙන්න පුලුවන්. මේ චෝදනාව එල්ල වූ පසු අන්තර්ජාලය ඔස්සේ බියුටේන් හා ප්‍රොපේන් ගැන ඉදිරිපත් කර ඇති තොරතුරු කියවන විට ඒ කර ඇති අනතුරු ඇඟවීම සනාත වෙනවා. අනිත් එක බියුටේන් වලට වඩා ප්‍රොපේන් ලෝක වෙලඳපොලේ පසු ගිය කාලයේ ගනන් අඩු නිසා (දැන් තත්වය වෙනස් විය හැකි ) අර ප්‍රතිශත වෙනසෙන් ලොකු ලාබයක් මේ කොම්පැනි වලට උපයා ගත හැකිවන බව නම් සහතිකයි. මිනිස්සු රවට්ටන්න මාධ්‍ය සාකච්ඡා තියන එක කොහොමත් කම්පැනි කරන වැඩක් නිසා අපේ ආරක්ෂාව අපිම බලා ගත්තම හොඳයි කියලා හිතෙනවා.
ප්‍රෙපේන් සහ බියුටේන්වල අනුපාතය සඳහන් වී නැත. ලංකාවේ අනුපාතය කුමක්ද?
මෑත කාලයේ වඩාත්ම කථාබහට ලක්වන මාතෘකාව ගෑස් සහ එහි ප්‍රමිතියයි. ජනතාවගේ සැක දුරු කිරීමට නම් ස්වාධීන ආනයනයක් මගින් ප්‍රමිතිය තහවුරු කළයුතුයි...
මේ ගොල්ලෝ ගොත ගොතා බොරු කිව්වත්, පහුගිය දවස්වල මොරටුව විශ්ව විද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකදී අලුතින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරවල සඳහන් කළ 80%-20% ප්‍රමිතිය නොමැති බව තහවුරු කර ප්‍රවෘත්ති පත්‍රවල පලවුණා. එතකොට කිතුල් ඇට ගිලපු උගුඩුවෝ වගේ හිටියේ ඇයි?
චෝදනා බොරු නම් ඇයි නඩු දාලා වන්දි නොගන්නේ...?
වෙන රටවල ගෑස් සිලින්ඩර වල පීඩනයට ඔරොත්තු දීමේ හැකියාව කාලසීමාවේ සීමාවට පරීක්ෂා කර ඊළඟට පරීක්ෂා කළ යුතු දිනය මුද්‍රාවක් තබනවා... පාරිභෝගික ආරක්ෂාවට... ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ.
මෙතෙක් කල් රජයට විරුද්ධව ගෙන ආපු චෝදනා කොච්චර ප්‍රතික්ෂේප කළත් පසුව ඒවා පිළිගන්න වුණා. මේකත් එහෙම්ම වේවි...!