(විමුක්ති එස් රුද්‍රිගු)

තම අසල්වැසියාගේ ගෙවත්තේ තිබූ ගසක් කපා දැමීම හේතුවෙන් 59 හැවිරිදි ඒඩ්‍රියන් ස්ටේයාර්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට තමා පදිංචි නගරයට ඇතුළු වීම වසර 15 ක් යනතෙක් තහනම් කිරීමට නොර්තැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 

වසර 15 ක තහනමට අමතරව සති 6 ක සිරදඬුවමක් නියම කිරීමටත් එය මාස 18 කට අත් හිටුවිමටත් අධිකරණය නියෝග කර තිබේ.

එසේම තම අසල්වැසියා සමඟ සන්නිවේදනය කිරීමද තහනම් කර ඇත.

ඒඩ්‍රියන් ස්ටේයාර්ස් බ්ලිස්වර්ත් නගරයේ පදිංචිකරුවකු වන අතර තම අසල්වැසියාගේ ගෙවත්තේ සිටවා තිබූ අනුස්මරණ ගසක් විදුලි කියතකින් කපා තිබේ.දඬුවම නියම වීමෙන් පසු තමන් ගසක් කැපීමට නොව මිනීමැරුමකට වරදකරුවෙකු වූ බව දැනෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඒඩ්‍රියන් හට වයස 74 වන තෙක් බ්ලිස්වර්ත් නගරයට පැමිණිය නොහැකි අතර එසේ පැමිණිය හොත් සිරගත වීමට සිදුවේ.