IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගසක් කැපුවාට ගමෙන් නෙරපයි

(විමුක්ති එස් රුද්‍රිගු)

තම අසල්වැසියාගේ ගෙවත්තේ තිබූ ගසක් කපා දැමීම හේතුවෙන් 59 හැවිරිදි ඒඩ්‍රියන් ස්ටේයාර්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට තමා පදිංචි නගරයට ඇතුළු වීම වසර 15 ක් යනතෙක් තහනම් කිරීමට නොර්තැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 

වසර 15 ක තහනමට අමතරව සති 6 ක සිරදඬුවමක් නියම කිරීමටත් එය මාස 18 කට අත් හිටුවිමටත් අධිකරණය නියෝග කර තිබේ.

එසේම තම අසල්වැසියා සමඟ සන්නිවේදනය කිරීමද තහනම් කර ඇත.

ඒඩ්‍රියන් ස්ටේයාර්ස් බ්ලිස්වර්ත් නගරයේ පදිංචිකරුවකු වන අතර තම අසල්වැසියාගේ ගෙවත්තේ සිටවා තිබූ අනුස්මරණ ගසක් විදුලි කියතකින් කපා තිබේ.දඬුවම නියම වීමෙන් පසු තමන් ගසක් කැපීමට නොව මිනීමැරුමකට වරදකරුවෙකු වූ බව දැනෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඒඩ්‍රියන් හට වයස 74 වන තෙක් බ්ලිස්වර්ත් නගරයට පැමිණිය නොහැකි අතර එසේ පැමිණිය හොත් සිරගත වීමට සිදුවේ.



අදහස් (11)

ගසක් කැපුවාට ගමෙන් නෙරපයි

ඒකට මෙහෙ? Wednesday, 14 December 2022 05:53 PM

අපේ රටේ නම් ප්‍රාදේශීය මන්ත්‍රී කියන්නේ ගස් කපන්න ලයිසන් දෙන තනතුරක්... ආපු දා ඉඳන් නීති කැඩීම තමයි මිනිහාගේ ක්‍රමය... ගස් කපාගෙන ගිහිල්ලා, කැලෑව ගිනිතියලා ගස් තිබුනේ නෑ කියලා පෙන්වන්නත් මේ අය දක්ෂයි...

:       0       55

කිරිපුතා Wednesday, 14 December 2022 06:07 PM

මෙහෙම දඬුවම් ලැබුණාම මුලු සමාජයම හැදෙනවා. එතකොට විනයක් ඇතිව මිනිසුන් ජීවත් වෙන්න පුරුදු වෙනවා. අපේ රටේ මිනිසුන්ට විනයක් නැත්තේ නීතියක් හරියට නැති නිසා...

:       0       38

සත්‍යපාල Thursday, 15 December 2022 05:01 AM

නීතියක් තිබුණයි කියමුකෝ.. එතකොට ලංකාවේ මානව හිමිකම් කට්ටියම වැරැදිකරුවන් බේරාගන්න උපරිමයෙන් කටයුතු කරනවා.. එහෙම නේද වෙන්නේ?

:       0       14

සුරංගොඩ Wednesday, 14 December 2022 06:44 PM

ලංකාවේ නම් හරිම වැඩක් තමයි වෙන්නේ දේශපාලුවන් ඔක්කෝමලා රටින්ම යවන්න වෙනවා. ලංකාවේත් ගස්කපන අයටත් මාර්ග වලට හානි කරන අයටත් මෙහෙම දඬුවම් දීමත් මාර්ග හානි ගැන කටයුතු නොකරන ප්‍රාදේශීය සභාපතිලාටත් මෙහෙම දඬුවම් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනෑ..

:       0       25

Nihal Wednesday, 14 December 2022 07:07 PM

ඔන්න දඬුවම්...!

:       0       28

C.K.Lankaputhra Wednesday, 14 December 2022 07:12 PM

මේවා දකින අහන අපට හිතෙන්නේ අපි ඇත්තටම ජීවත්වෙන්නේ මොන තරම් අමන රටකද කියලයි... ඇත්තටම අපිව පාලනය කරන්නේ මොන තරම් අමන දේශපාලුවෝ රංචුවක් විසින්ද කියන එකට කිසිම උත්තරයක් නෑනේ....!

:       0       36

මුතු ඇටේ Wednesday, 14 December 2022 08:18 PM

අපේ රටේ නම් කුඩු බිස්නස් කාරයෝ, මිනී මරුවෝ, ස්ත්‍රී දූෂණ කාරයින්, බැංකු හොරු සියලු දෙනාම නිදැල්ලේ...

:       1       29

sunilThursday, 15 December 2022 04:31 AM

නිදැල්ලේ පමනක් නොවෙයි උසස්වීම් ලැබෙන වා

:       0       7

Kuma Thursday, 15 December 2022 06:40 AM

ඔවුන් ඔක්කෝම පාර්ලිමෙන්තූවේ, අලුතින් එල්ලුම් ගහට නියම වෙච්චි චොකෙකුත් ඉන්නවා කුමා...

:       0       7

Kumara Thursday, 15 December 2022 02:48 AM

එතකොට රටක් වැනසුවට මොකක්ද දඬුවම.

:       1       7

chandima Thursday, 15 December 2022 07:26 AM

එහෙ අල්ලපු වත්තේ ගහක් කැපුවට කරලා තියෙන්නේ අවුරුදු 15කට ගමෙන් එළවපු එක විතරයි. මෙහෙ නම් ආයේ නොඑන්නම චුත කරනවා. අනික අල්ලපුවත්තේ ගස් කපනවා නම් අපේ රටේ අහුවෙන්න කරන්නේ නැහැ. මහ රෑ ඔයා ඕනෑතරම් වතුමැද්දේ තියෙන වල්ලපට්ට ගස් කපාගෙන ගියේ බල්ලෙක්වත් බුරන්නේ නැතිවෙන විදිහට. සුද්දෝ මහ මෝඩයෝ. අහුනොවී ගහක් කපාගන්නවත් දන්නේ නැහැ.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 691 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site