IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගෑස් සහ පොහොර ගන්න ලෝක බැංකුවෙන් ආධාර

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව්‍යාපෘති මූල්‍ය ආධාර ලබාදිය හැකි ආකාරයට ප්‍රති සැළසුම් කරන බවත් ලෝක බැංකු නියෝජිතයෝ පවසති.
ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ දැනට ව්‍යාපෘති 17 ක් ක්‍රියාත්මක වන බවත් පවතින අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා මූල්‍ය ආධාර දියහැකි අයුරින් එම ව්‍යාපෘති ප්‍රතිසැලසුම් කරන බවත් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමෙන් පසු ලෝක බැංකුවේ සහාය තවදුරටත් ලබාදීමට අපේක්ෂා කරන බව කී සර්වෝස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ලෝක බැංකු නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (29) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා පැවසීය.
කෘෂිකර්ම, පශු සම්පත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යපාර සඳහා ලබාගත හැකි ආකාරයට අඩු පොළී අනුපාතයක් මත එම ණය නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. 

 
 



අදහස් (0)

ගෑස් සහ පොහොර ගන්න ලෝක බැංකුවෙන් ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site