(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගෑස් මිල ඉදිරියේදී වැඩි විය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

සත්‍ය තත්වය කීමට තමා නොපැකිලෙන බවද ඔහු කීවේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

කෙසේ වෙතත් ගෑස්  හිඟයට විසඳුම් ලබාදීමට  කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය   අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද රටේ ගෑස්  පුපුරන්නේ නැතැයිද ඔහු සඳහන් කළේය. ගෑස් සිලින්ඩර සහ උපකරණ සම්බන්ධයෙන් ප්‍රමිතීන් හඳුන්වාදී ඇති බවද  ඔහු කීවේය.

ගෑස් හිඟය පරිපාලනමය ප්‍රශ්නයක් නිසා පමණක් සිදු වූවක් නොවන බව පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා   ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්තා වී ඇතැයිද සඳහන් කළේය.

ගෑස් පිපිරීම්වලින් විපතට පත්වූ ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු තවදුරටත් සිදු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.