(විනීතා එම් ගමගේ)
ගැස් මිල වැඩි කරනු වෙනුවට ගෑස් මිල පහත හෙළීම සදහා ගත හැකි වෙනත් ක්‍රියා මාර්ග පිළිබඳව සොයා බලන ලෙස ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳ කරුණ සළකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව ෂෙල් හා ලිට්රෝ ගෑස් සමාගම්වලට අද උපදෙස් දුන්නේය.
විශේෂයෙන් ගෑස් මිල වැඩිකිරීම වෙනුවට ගෑස් මිල දී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරන ලෙසත් ඉදිරියේ දී මහා භාණ්ඩාගාරය හරහා ගෑස් මිලදී ගැනීම් කරන ලෙසත් ගැස් සමාගම්වලට එම කමිටුව උපදෙස් දී තිබේ.
එසේ මහා භාණ්ඩාගාරය හරහා ගෑස් මිල දී ගැනීමෙන් වෙනත් පාර්ශව අතට මුදලක් යාම වැළැක්විය හැකි බැවින් සමාගම්වලට පාඩු සිදුනොවනු ඇතැයි එම කමිටුව පෙන්වා දී තිබේ.
එම කමිටුව රැස්වූ බවත් එහි දී ගෑස් සමාගම් දෙකම ගෙන්වා කරුණු සාකච්ඡා කළ බවත් එහි දී සමාගම් ඉල්ලා සිටි ගෑස් මිල ඉහළ නැංවීම කළ නොහැකි බව සමාගම් දෙකට දැන්වූ බව ගෑස් මිල සංශෝධනය සඳහා කරුණු සළකා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ සාමාජික, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
සමාගම් ඉල්ලා සිටින ප්‍රමාණය කිසිසේත්ම ලබා දිය නොහැකි බවත් වැඩිකරනවා නම් එහි උපරිමය රුපියල් 400 ක් බවත් පාරිභෝගික සේවා අධිකාරිය දන්වා සිටියේයැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Lp ගෑස් ලීටරවලින් විකුණුවාම හරි.
මාර ලොජික් තමයි මේ අයට තියෙන්නේ... බයියන් නම් කියයි කොහොමද අපේ සර්ගේ වැඩ කියළා..
මොකද බර අඩු කරලා ජිල් මාර්ට් දාලා හරි ගියේ නැතිද?
අනිවාර්යයෙන්ම ගෑස් අඩුකරලා පරණ ගාණටම දෙයි...!!!
ලිට්‍රෝ එකෙන් ඇහුවාම හරි. බාගෙට පුරවපු සිලින්ඩර තාමත් විකුණනවා.